file
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය.
වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලිය තුළදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජ සංවර්ධන මූලධර්මය පිළිපැදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පිරිනැමීය.
ජිනීවා නුවරදී මේ වන විට පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ, වාර්ශික ජාත්‍යන්තර කම්කරු සමුළුව අතරවාරයේදී අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සාකච්ඡාව ඊයේ (10) දින පැවැත්විණි.
ශ්‍රම වෙළදපොල ප්‍රමිතීන් සහ රැකියා තත්වයන් වැඩි දියුණු කිරීම සදහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සහ ඒ සදහා වන කැපවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළේය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය් සී 188 වැනි ධීවර සම්මුතිය අපරානුමත කිරීම සදහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයා පැහැදිළි කළ අතර එය කඩිනමින් අපරානුමත කිරීමට කටයුතු කරන බවද සදහන් කළේය. සී 155 දරණ වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සම්මුතිය, සී 189 දරණ ගෘහ සේවක සම්මුතිය, සී 190 දරණ සේවා ස්ථානයේ ප්‍රචන්ඩත්වය සහ හිරිහැර කිරීමට එරෙහි සම්මුතිය අපරානුමත කිරීම සදහා ගෙන ඇති පියවරද අමාත්‍යවරයා පැහැදිළි කළේය.
රැකියාවක් අහිමිවීමේදී ප්‍රතිලාභ ලබාදීම, මාතෘ ප්‍රතිලාභ සහ සේවා ස්ථානයේදී සිදුවන අනතුරු සදහා රක්ෂණයක් ලබාදීම වැනි කරුණු ඇතුළත් කරමින් ආරම්භ කරන සමාජ ආරක්ෂණ ක්‍රමවේදය පිළිබදව පැහැදිළි කළ අමාත්‍යන්‍රයා සමාජ ආරක්ෂණ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සදහා සහාය ලබාදෙන ලෙසට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.
ජාතික කම්කරු වෙළදපොළ තොරතුරු පද්ධතිය පිළිබදව සහ ශ්‍රම වෙළදපොළෙහි ප්‍රතිසාධන සහ උපායමාර්ග අධීක්ෂණය කිරීම සදහ ක්‍රියාත්මක කිරීම සදහා අන්තර් අමාත්‍යාංශ ඉහළ පෙළේ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
මීට අමතරව සත්කාරක සහ සාත්තු සේවක පුහුණු කිරීම සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය සමග එක්ව ගනු ලබන පියවර පිළිබදවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය. මේ හරහා කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, වෙනස්කොට සැලකීමේ භාවිතයන් ඉවත් කිරීම සදහ ලංකාවේ කාන්තාවන් සදහා යහපත් සේවා කොන්දේසි සහතික කිරීමත් තහවුරු කරන බව මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේය.
ශ්‍රම වෙළදපොල ඉලක්ක කරගනිමින් ගෙන යන වැඩපිළිවෙල සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවටත් මෙහිදී, එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo වැඩිදුරටත් සහතික විය.
මෙම සාකච්ඡාව සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත හිමාලි අරුණාතිලක, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බාලසුබ්‍රමනියම් චසන්තන්, කම්කරු කොමසාරිස් ජනරාල් ජයසුන්දර, අමාත්‍යවරයාගේ උපදේශක ශාන් යහම්පත් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…