දේශීය

අගනා ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා ත්‍රිකුණාමලයට

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය’  ජුනි මස 07 වනදා සහ  ජුනි 08 යන දෙදින පුරා  ත්‍රිකුණාමලය “Mc Heyzer” ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයකට ගැලපෙන බුද්ධිමත් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම මෙහි අරමුණ වේ.

දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක සහ ශ්‍රී ලංකික රැකියා අපේක්ෂකයින් සහ රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව කේන්ද්‍ර කරගනිමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන සාර්ථකව පවත්වනු ලැබේ. එයින් ප්‍රතිලාභ ලබන පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතී.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගපෙන්වීම අනුව අනුබද්ධිත සංවිධානයක් වන විගමණික සේවක හරසර, ගරුසරු, ස්මාර්ට් යෞවන සමාජය සහ ශ්‍රම වාසනා අරමුදල මෙම ප්‍රයත්නයේදී මහජන සුබසාධනය සඳහා ප්‍රදානයන් සිදු කරයි.  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට පාසල් සඳහා ස්මාර්ට් පුවරු සහ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණ ඇතුළු විවිධ සේවාවන් ලැබෙනු ඇත.

මීට අමතරව, ජයගමු ශ්‍රී ලංකා අඩු ආදායම්ලාභී සහ සංක්‍රමණික කම්කරු පවුල් ව්‍යවසායකත්ව ප්‍රයත්නයන් සඳහා දිරිමත් කරන අතර රැකියා අවස්ථා පිළිබඳ ඉල්ලීම් පිළිබඳව දැනුවත් කරයි.

මෙම වැඩසටහන හරහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තුළ ඇති සියලුම ආයතන පිළිබඳව මහජනතාව දැනුවත් කෙරෙන අතර, කොළඹ කාර්යාලයේ දී නිම කිරීමට වැඩි කාලයක් ගත විය යුතු කාර්යයන් තම අසල්වැසි ප්‍රදේශවල සිට සම්පූර්ණ කිරීමට හැකිවීම එක් සුවිශේෂී කරුණකි.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

17 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

17 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

17 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago