දේශීය

රටේ තියෙන්නේ හැත්තෑපස් වසරක සාපයක් නෙමෙයි – රටේ සංවර්ධනයට බාධා කළ අයගේ හතලිස් වසරක සාපයක් – ඇමති මනූෂ

රට තුළ ඇත්තේ හැත්තෑපස් වසරක සාපයක් නොව එසේ කියමින් රටේ සංවර්ධනය අඩාල කරපු අයගේ හතලිස් වසරක සාපයක් වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (18) ‘ජයගමු ශ්‍රී ලංකා’ නුවර එළිය වැඩසටහනට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

file

“එදා රටට විවෘත ආර්ථිකය හදුන්වාදෙන විට ඒකට බිල්ලෝ මැව්වා. ගල් ඔය ව්‍යාපාරයට, උමා ඔයට, බිල්ලෝ මවලා මවලා ‘අයිඑම්එෆ්’ එකටත් ලොකු බිල්ලෙක් මවනවා. ඉන්දියාවට විරුද්ධව බොම්බයි ළුෑණු, පරිප්පු එපා කියා පාරවල් ගාණේ ඉන්දියාව ගැන වැරදි මතයක් හදලා, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන වෙනම පන්තියක් කරලා, ඉන්දියාවට විරුද්ධව මත හදලා රටේ මිනිස්සු මැරෙන්න සැලසුවා.

ලංකාව සංචාරක හොඳම ගමනාන්තයක් කියලා වියට්නාමය ප්‍රසිද්ධ කළාම එක බලකායක් ඒකට හිනා වුණා. දැන් ඒ අය 75 වසරක සාපය කියලා කෑ ගහමින් රට ඇතුළෙ බිල්ලො මවමින් ඉන්නවා. රට තිබුණ තැනින් ඉතා දිගු ගමනක් ඇවිත්. ඒ කොච්චරද කියනවා නම් මේ රටේ වසර 40ක පමණ සංවර්ධනය නැවතුවේ ඒ හැත්තෑපස් වසරක සාපය ගැන කියන මේ වසර 40 සාපය තමයි. මේ අය තමයි සාපය.”

‘ජයගමු ශ්‍රී ලංකා – ස්මාට් යූත් ක්ලබ්’ නුවර එළිය සිනෙසිටා ක්‍රීඩාංගණයේ පැවති වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

file

“අපිට දෙමළ භාෂාවෙන් ජාතික ගීය කියන්න පුළුවන් වුණේ 2015 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත් තීන්දුවත් එක්ක. අපිට 2015 ඒ තීන්දුව ගන්නකොට ප්‍රශ්න ආවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා කල්පනා කළේ දේශපාලනේවත් ඡන්දෙවත් නෙවෙයි, අපේම සහෝදර ජාතියකට තමන්ගේ අභිමානයෙන් ජීවත් වෙන්න ඕනි කරන ඒ අභිමානය දෙන එකයි. ඒක පුංචි දෙයක්. හැබැයි අපේ හිතට සතුට දෙන දෙයක්.

රටේ තරුණ අයට රස්සාවල් තිබුණට ඒවා තරුණයන්ට ගලපෙන්නේ නෑ. අත්දැකීම් ඉල්ලනවා. ඒ පරතරය හදලා, ශක්තිමත් කරලා ව්‍යවසායකයෝ කරලා ඔබව හදන්නයි අපි මේ ඇවිත් ඉන්නේ.
අපිට මතකයි මීට අවුරුදු කීපෙකට කලින් 225ම එපා කියලා දේශපාලන පෙරළියක් රට තුළ නිර්මාණය වුණා, රට කඩාගෙන වැටුණා. මේ වගේ වෙලාවක අභියෝග භාරගන්න අපිට සිද්ධ වුණා. අපිට ඡන්දෙ දීපු ජනතාව තෙල්, ගෑස් නැතුව අර්බුදයට ලක් වුණා. දරුවට නිසි වයසේ දිය යුතු එන්නත් නෑ. ඒ වෙලාවේ අපිට තීන්දුවක් ගන්න සිද්ධ වුණා. ඒ මොහොතේ මගේ ජනප්‍රියකම අමතකම කරලා වගකීම භාරගත්තා. තමන්ගෙන් පටන්ගන්න ඕන වෙනස් වෙන්න. රටට ඩොලර් එවන්න එපා කිව්ව වෙලාවක ඩොලර් මිලියන පන්සීයක් එවන්න කියන්න අපි පටන්ගත්තා.

ඒ වෙලාවේ පිටරට වැඩ කරන අපේ රටේ පුරවැසියෝ හඳුන්නෙත්තිලා, ජේවීපී එක කියන එක අහන්නේ නැතුව අද බෙහෙත්, ගෑස්, තෙල්, ලයිට් ටික දෙන්න පුළුවන් වෙන විදිහට අපිට ඩොලර් එව්වා. දේශපාලනඥයෝ දුක ගැන සංවේදී නොවුණට අපේ මිනිස්සු ඒ ගැන සංවේදීයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මෙතන ඉන්න බලපත්‍රලාභී ආයතන ඒ වෙනුවෙන් කටයුතු කළා. අපේ රට අපේ ගෙදර. අපේ ගෙදර ගිනි ගනිද්දි ගෙදර ගිනි නිවන්න ගොඩක් අය ආවේ නෑ. ගොඩක් අය ගේ දාලා පැනලා ගියා. රට යන්න පටන්ගත්තා. අවුරුදු 13ක් මේ රටේ ඉගෙනගෙන, උගතුන් රට ගිනිගන්නකොට පැනලා ගියා. අපේ තරුණ පිරිසත් වැරදි මාර්ග තෝරගෙන රටවල තැන් තැන්වල අතරමං වෙලා, පිළිකනුවල හිටියා. ඒ වෙලාවේ වැරදි ක්‍රමවලට අහු වෙන්න එපා කියලා අපි ප්‍රචාරණය කළා. පිටරට ඉඳලා සල්ලි එවන ඕනම කෙනෙකුට විශාල වාහන ගන්නේ කොහොමද කියලා සජබෙ ජර්ෂ ද සිල්වා අහනවා. මම හිතුවේ ජෙප්පො විතරයි කුහක කියලා. නමුත්, හර්ෂ ද සිල්වා වගේ අයත් ඒ බව පෙන්වනවා.

සිස්ටම් චේන්ජ් කරනවා කී මිනිස්සුත් රට යවනවා කියලා සල්ලි එකතු කළා.
අපේ රට යුද්ධයක් තිබ්බ රටක්. වඳ කොත්තු කියලා ජාතීන් අතර අසමගිය හදපු රටක්. අපි රට දියුණු කරන්න නම් ජාතීන් එකට ඉන්න ඕන කියලා වැඩසටහනකුත් අපි පටන්ගත්තා. මේවා මම සාමාන්‍ය තරුණයෙක් විදිහට දැකපු හීන. අපිට බෑ කියලා හිටියා නම් බෑ’ම තමයි. එහෙම ඉදිරියට ගියොත් අපේ කඩඉම ජයගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. ලෝක ආර්ථික අර්බුදය වෙලාවේ මාග්‍රට් තැචර් මහත්මිය විවෘත ආර්ථිකය ගෙනාවම ඒ රට එයින් ගොඩ ආවා. ඒත්, ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය ගෙනාවම ඒකට විරුද්ධ වුණා. ඒක අපේ රටේ හැටි. කුහකකම. ඒ වෙලාවේ විවෘත ආර්ථිකයට බිල්ලෝ මැව්වා. ගල් ඔය ව්‍යාපාරයට, උමා ඔයට, බිල්ලෝ මවලා මවලා ‘අයි එම්එෆ්’ එකටත් ලොකු බිල්ලෙක් මවනවා. ඉන්දියාවට විරුද්ධව බොම්බයි ළුෑණු, පරිප්පු එපා කියා පාරවල් ගාණේ ඉන්දියාව ගැන වැරදි මතයක් හදලා, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන වෙනම පන්තියක් කරලා, ඉන්දියාවට විරුද්ධව රටේ මිනිස්සු මැරෙන්න සැලසුවා. මේ මතවාද නිසා රටක් හැටියට ඉස්සරහට යන්න අපිට බැරි වුණා. හබැයි ඉන්දියාවට විරුද්ධයි කිව්ව අය දැන් එහෙන් මෙහෙන් ඉන්දියාවට යනවා. ඉන්දියාව අතර මිනිස් දම්වැල ශක්තිමත් කළාම තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපිට අපි විතරයි. ජාතිවාදය නැතුව අපිම තමයි වෙනස් වෙන්න ඕන. ‘සිස්ටම් චේන්ජ්’ කරන්න නම් තමන්ගෙන් පටන්ගන්න ඕන එය වෙනස් කරන්න. ලංකාව සංචාරක හොඳම ගමනාන්තයක් කියලා වියට්නාමය ප්‍රසිද්ධ කළාම එක බලකායක් ඒකට හිනා වුණා. අපේ රටට අපිම හිනාවෙනවා. ඒක අපිම ‘ශෙයා’ කළාම එය ලෝකෙටම යනවා. ඒ මාධ්‍ය භාවිතාවත් අපි හරියට කළ යුතුයි.

ලී ක්වාන් යූ සිංගප්පූරුවේ වරාය හදලා ලංකාවට ස්තුති කළා උද්ඝෝෂණ කරලා වරාය නොහැදුව එකට. එයින් ඔවුන් වරාය හැදුවා කියා. දැන් ඒ අය 75 වසරක සාපය කියලා කෑ ගහමින් රට ඇතුළෙ බිල්ලො මවමින් ඉන්නවා. රට තිබුණ තැනින් ඉතා දිගු ගමනක් ඇවිත්. ඒ කොච්චරද කියනවා නම් මේ රටේ වසර 40ක පමණ සංවර්ධනය නැවවතුවේ ඒ වසර 40 සාපය තමයි. මේ අය තමයි සාපය.” යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්, රාජ්‍ය නිළධාරීහු එක්ව සිටියහ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

4 days ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

4 days ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

4 days ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

4 days ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

1 week ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

1 week ago