දේශීය

අපි භාරගත්තේ දේශපාලන අභියෝගයක් නොවේ රට වැටුණු තැනින් එසවීමේ අභියෝගයයි – ඇමති මනූෂ

රටේ ආර්ථික අභියෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් භාර ගත්තේ දේශපාලන අභියෝගයක් හැටියට නොවන බවත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව භාර ගත්තේ රට වැටුණු තැනින් ඉහළට එසවීමේ අභියෝගය වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (10) එම අමාත්‍යාංශයේ ‘ජයගමු ශ්‍රී ලංකා’ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් පැවසීය.

file

“සමහරු ඉන්නේ වමේද, දකුණෙද, යන්නේ කොහේටද කියලා හිතාගන්න බැරුව. එහෙම වුණාම ඉතින් මාලිමාවක් ඕන වෙනවා. පාර බලාගන්න. අතරමං වුණාම මාලිමාවක් ඕන පාර කියාගන්න. වම-දකුණ පටලගන්නේ නැතුව මේ වෙලාවේ රට ගොඩනගන, රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒකේ අභියෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේම රාජ්‍ය නිලධාරීන් භාරගත්තේ දේශපාලන අභියෝගයක් හැටියට නෙවෙයි. වැටිච්ච තැන ඉඳලා රට ගොඩ නගන අභියෝගයක් අපි භාර ගත්තේ.” යැයි අමාත්‍යවරයා පැවසීය.

මිතුරන්ගෙන් ඇඳුම් ඉල්ලා ඇඳීම මෙන් හිතවත් රටවලින් මුදල් ඉල්ලීම ප්‍රායෝගික නොවන අතර ඒ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ආණ්ඩුව කළ යුතු බවත් කී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

file

“අද ජනප්‍රිය කථිකයො විදිහට විපක්ෂයේ කතා පවත්ව පවත්ව ඉන්න තිබිච්ච එක පැත්තකට දාලා, රට ගොඩනගන දේශපාලනයේ අභියෝග භාර ගන්න අපිට ලැබුණේ දකුණෙන් ආව ආභාසය නිසා. මගේ තාත්තා අද හිටියා නම් වයස අවුරුදු 74ක්. ඒත් මට අවුරුදු 11දී ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ඇවිල්ලා, මගේ තාත්තා මරලා දැම්මා. එදා ඉඳලා ගොඩනැගිලා, මම කැබිනට් අමාත්‍යවරයෙක් දක්වා එන්නේ දකුණෙන් ආව හයිය නිසා. ඒ අභියෝග භාරගන්න තිබෙන පුළුවන්කම නිසා. දේශපාලනයෙත් තියෙනවා වම-දකුණ කියලා එකක්. අති වමේ කට්ටියත් ඉන්නවා. මාක්ස් එංගල්ස්ටත් වඩා වමේ කට්ටිය ඉන්නවා. අද වම-දකුණ මාරු වෙලා අංශක 360ක් කරකැවිලා ගොඩක් අය අතරමං වෙලා. ඉන්නේ වමේද, දකුණෙද, යන්නේ කොහේටද කියලා හිතාගන්න බැරුව. එහෙම වුණාම ඉතින් මාලිමාවක් ඕන වෙනවා. පාර බලාගන්න. අතරමං වුණාම මාලිමාවක් ඕන පාර කියාගන්න. වම-දකුණ පටලගන්නේ නැතුව මේ වෙලාවේ රට ගොඩනගන, රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒකේ අභියෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේම රාජ්‍ය නිලධාරීන් භාරගත්තේ දේශපාලන අභියෝගයක් හැටියට නෙවෙයි. වැටිච්ච තැන ඉඳලා රට ගොඩ නගන අභියෝගයක් අපි භාර ගත්තේ.
කයියනායකලා, පුතාණෝ අද මේ රට ගොඩ නැගුණයින් පස්සේ කතා කරන බොහෝ අය ඒ අවදානම ගන්න බැරි වෙනකොට අවදානම ගත්තේ අපියි. මේ රටේ පක්ෂ පාට දේශපාලනය අවශ්‍ය නෑ. අපට ඕන කරන්නේ මේ රට ගොඩගන්නයි. ඒකටයි අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕන. දැන් උතුර-දකුණ හොයාගන්න බැරිව පැටලිලා ඉන්න අයත් කතා කරගෙන යනකොට කියවෙන්නේම රනිල් තමයි හරි. රනිල් තමයි වැල් පාලමේ රට ගොඩට ගෙනල්ලා තියෙන්නේ කියන කතා. මේ හැමෝම කෙළින් වැඩේ නොකර ‘උගුරට හොරා බෙහෙත් බොනවා’. හැබැයි අපි කරලා පෙන්නනවා. මේ රටටත් ඕන හොඳ දොස්තර කෙනෙක්. දොස්තර කෙනෙක් ගෙනාවට අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න බැරි වුණා. අපිට ඕන මේ වැටිලා හාන්සි වෙලා ඉන්න ශ්‍රී ලංකාව කියන ලෙඩාව ගොඩගන්න පුළුවන් නායකයෙක්. අවුරුදු දෙකකදී යන්තම් ‘අයිසීයූ’ එකේ ඉඳලා යම් තැනකට ඇවිල්ලා තියෙනවා. මේ රට නැගිටලා ශක්තිමත්ව ජවයෙන් ඉස්සරහට දුවලා යන තැනට ගොඩ නගන්න තියෙනවා. ඒකටයි දැනඋගත් නායකත්වය අපිට උවමනා කරන්නේ. රට ගොඩ නගන ගමනෙදි කතා කර කර ඉඳලා හරි යන්නේ නෑ. වැඩ කරන්න ඕනේ. ‘ජයගමු ශ්‍රී ලංකා’ මෙතනට එන්නේ බඩු අරගෙන ජනතාවට සහාය දීලා තරුණ තරුණියන්ට රස්සා අරගෙන. මීට අවුරුදු දෙකකට කලින් මෙහෙම තත්ත්වයක් රටේ තිබුණේ නෑ. සංවර්ධනයේ, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට දෙන්න පුළුවන්කම තිබුණේ නෑ. අද අපි ඒ ප්‍රතිලාභ ජනතාවට අරගෙන ගමින් ගමට, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඇවිල්ලා තියෙන්නේ. මේක අවුරුදු දෙකක් තුළ ඇති වෙච්ච සැබෑ වෙනසක්.
එක එක වෙලාවට බිල්ලෝ මවලා, රට බංකොලොත් කියන තැනට පත් වුණා. හම්බන්තොට වරායට නැවක් එන එක නිව්ස් එකක් නෙවේ කිව්වා. ඒක නිව්ස් එකක් වුණේ හම්බන්තොට වරායේ ගලක් තියෙනවා කිව්ව නිසා. යුද්ධෙ ඉවර කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ වරාය හදලා අවසන් කරනකොට මේකේ ගලක් තියෙනවා කියලා ලෝකෙටම කෑගැහුවා. වරායට එන්න එපා කියලා කිව්වා. ආයෝජකයෝ ආපස්සට හැරිලා යන තැනට පත් කළා. මේක අවදානම් කිව්වා. නැව් තිස්දාහක් යන මාර්ගයේ එක නැවක් එන එක නිව්ස් එකක් වුණේ එහෙම බිල්ලො මවපු නිසා. උමා ඔයෙන්, වලවේ මිටියාවතෙන් හම්බන්තොටට ලුණුගම්වෙහෙරට වතුර එනකොට ඒක අවුරුදු ගණනක් නවත්තගෙන මේ පළාතට, මොනරාගලට, වැල්ලවායට අසාධාරණයක් කළේ. එදා ඇල්ල වැල්ලවාය පාර හදනකොට ඒ කරන්නේ ‘ඇමරිකන් ප්ලේන් බාන්න’ කියලා රෝහණ විජේවීර කිව්ව. එහෙමයි රට දියුණු වෙන එක නැවැත්තුවේ. ඒවයෙ ප්‍රතිඵල සහ යම් යම් තීන්දු නිසා අපේ රට බංකොලොත් රටක් බවට පත් වුණා. ඒ රට බංකොලොත්භාවයෙන් මුදවගන්න තමයි අපි අයිඑම්එෆ් එකට ගිහිල්ලා, රට ගොඩ නගන වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙන්නේ. ඒකට නොගියත් යාළු රටකින් සල්ලි අරගෙන මේ වැඩේ කරන්න පුළුවන් කියලා සමහරු හිතනවා. යාළුවොන්ගෙන් ඇඳුම් ඉල්ලගෙන ඇන්දට රටවල්වලින් සල්ලි අරගෙන රටවල් ගොඩ නගන්න බෑ. මේක හය හතර නොතේරෙන දරුවන්ට වැටහෙන්නේ නෑ. අපි රටේ සංස්කෘතික වශයෙන් අපි වෙනස් වෙන්න ඕන. ආර්ථික දේහය අපි වෙනස් කරන්න ඕන. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන, රට දියුණු වෙන්න නම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා යහපාලනය ගෙනල්ලා දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. ආර්ථික දේහය වෙනස් කළා. ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙලා ආර්ථිකය ගොඩනැගෙන පිළිවෙළ හැදුවා. අද නැවතත් පනත් වෙනස් කරමින් ඉස්සරහට යන්නේ ඒ ආර්ථික ක්‍රමය වෙනස් කරලා, ‘සිස්ටම් චේන්ජ්’ එක ගේන්න තමයි. ගේන්න තියෙන අණපනත් ගෙනල්ලා, වංචාව-දූෂණය නැති කරලා, ආර්ථික ප්‍රතිපත්ති ගෙනල්ලා රට ඉස්සරහට ගෙනයන ගමනයි අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ අය දැනගන්න ඕන ඒ අය ඉස්සරහ වැඩේට බැහැලා තියෙන්නේ ස්මාට් වැඩ්ඩො ටිකක්, ස්මාට් විදිහට රට ගොඩනැගෙන වැඩපිළිවෙළක් බව. ඒකයි අපිට ඕන කරන්නේ මේ දරුවන් ස්මාට් දරුවන් කරන්න. කම්කරුවන් ස්මාට් වැඩ්ඩො කරන්න ඕනේ. අපි හදන්නේ තමන්ගේ බුද්ධියෙන් තේරුම්ගන්න පුළුවන් අය බිහි කිරීමටයි. අපි රට වටේ එන්නේ මේ බලමුළු එකතු කරලා, රටේ ජයග්‍රහණය කරා ගෙනියන ගමනටයි. හම්බන්තොට සංවර්ධනය ගත්තම ගුවන්තොටුපල, වරාය, කොළඹටත් වඩා දියුණු මාර්ග පද්ධති තියෙනව. දශක ගණනකට වෙනස් කරන්න ඕන නැති සංවර්ධනයක් ලැබිලා තියෙනවා. දේශපාලන අධිකාරිය ඒ සංවර්ධනය කරලා තියෙනවා. ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳුවා. සංවර්ධනය, යටිතල පහසුකම් හරි. අපිට දැන් ඕනේ අපේ මිනිස්සු ටික ශක්තිමත් කරන්න. ඔවුන් දැනුමෙන් පෝෂණය කරලා, හොඳ වැඩ්ඩෝ ටිකක් කරන්න. අපි පුංචි දරුවගෙ ඉඳලා වැඩ්ඩො කරන ගමනේ ආරම්භයට මේ ආවේ. ඩිජිටල් යුගයට ගැලපෙන ස්මාට් වැඩ්ඩෝ හදන එක ආරම්භ කරලා තියෙන්නේ. සියලු දෙනාට පාට පක්ෂවලින් තොරව මේ ගමනට එකතු වෙන්න අපි කියලා අපි කියන්නේ. මේ තියෙන්නේ රට ගොඩනගන ගමන. ඒ ගමන යන්න ඕනේ ස්මාට් වෙලා. ජනතාව රවට්ටන්න ඇඳුම් ස්මාට් වුණාට වැඩක් නෑ. මිනිස්සු ස්මාට් වෙන්නයි ඕනේ. මිනිස් සම්පත ශක්තිමත් කරලා, හරි දිශානතියට යොමු කළොත් තමයි මේ රට ගොඩනගන්න පුළුවන්. සියලු ජනතාවට අපි ආරාධනා කරනවා මගෙන් පටන් ගමු. කවුරුහරි පටන්ගන්න ඕන. කවුරුහරි අවසන් කරයි. ඒක කන්ද කැපූ මහල්ලාගේ චීන උපමා කතාවේ වගේ මට ඒක ඉවර කරන්න පුළුවන්ද, ප්‍රතිලාභ ලැබෙයිද කියලා දන්නේ නෑ. මේක අනාගතයේ මේ රට ගොඩනගන වැඩපිළිවෙළ. මේක මගෙන් පටගන්න. ඔබ පටන්ගත්තොත් මේ රට යළි ශ්‍රී ලංකාවක් බවට පත් කරන එක කිසිදු ගැටලුවක් නෑ. පාසල්වලට ලබා දෙන ස්මාට් පන්ති කාමර කට්ටල අපි අරගෙන ආවේ අපිට මේ රටේ මේ අය අරට වෙනුවෙන් කළ කැපවීමට සලකන්න. මටත් තිබුණා විවෘත කිරීමක් 121 වෙනි එක කියලා බෝඩ් එකක් ඔන් කරලා මොනව හරි ලියලා, කොළඹදි පාර්ලිමේන්තුවෙදි කියන්න ඕන දේශපාලන කතාවක් මහා යටි ගිරියෙන් හයියෙන් කෑගහලා කියන්න. හැබැයි මම එන්නේ නෑ දේශපාලන කතාවක් කරන්න.” යැයි අමාත්‍යවරයා කීය.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

Recent Posts

ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි.-ජනපති

ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…

23 hours ago

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට ඇමරිකාවෙන් නව තීරුබදු

අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…

23 hours ago

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…

3 days ago

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…

5 days ago

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…

5 days ago

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…

5 days ago