Monday, April 20, 2026
Homeදේශීයමධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම ගැන RDA එකෙන් නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම ගැන RDA එකෙන් නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටසේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් පසුගියදා (06) පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාර්ග සංවර්ධනය අධිකාරිය විසින් නිවේදනයක් කරනවා.

එම කොන්ක්‍රීට් කොටස් කඩා වැටීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධනය අධිකාරිය විසින් විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා පරික්ෂා කරන බවත් එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්,

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටසේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් නිවේදනය

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පලමු කොටසේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් 2024.05.06 වන දින පලවු මාධ්‍ය වාර්ථා සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කරමි.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත – මීරිගම මාර්ග කොටසේ 18+100 කි.මී. කොටසේ 2024 මැයි 04 වන දින කඩා වැටුනු කොන්ක්‍රීට් කදම්භය ( Beams ) මීටර් 30 ක් දිග වන අතර, ටොන් 80 කට වඩා බරින් යුක්තය. 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේදී මෙම කොන්ක්‍රීට් කදම්භය මෙම ස්ථානයේ ඇති කොන්ක්‍රීට් කණු මත ස්ථාන ගත කල අතර, වර්ෂ දෙකහමාරක් ගතව ඇති නමුත් මෙම ස්ථානයේ ඉතිරිව ඇති වැඩ කොටස නිම කිරීමට නොහැකි විය.

කොන්ක්‍රීට් කණු මත කොන්ක්‍රීට් කදම්භ ස්ථානගත කිරීමේදී කොන්ක්‍රීට් කදම්භ වල ආරක්ෂාව සදහා රබර් බෙයාරින් පෑඩ් මත ස්ථාන ගත කරනු ලබයි. නිරීක්ෂණය වී ඇති ආකාරයට මෙම බාල්කය රබර් බෙයාරින් පෑඩයෙන් ඉවත්ව පෙරලී කඩා වැටී ඇත. ඊට අමතරව තවත් බාල්ක දෙකකටද මේ නිසා අලාභ හානී සිදු වී ඇත.

මේ පිලිබඳව තවදුරටත් පුලුල් ලෙස පරීක්ෂා කර බැලීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විශේෂ කණ්ඩායම් දෙකක් මේ වන විටත් යොදවා ඇත. එම පරීක්ෂණ මගින් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය I කොටසේ ඉදිකර ඇති සියළු කොන්ක්‍රීට් කදම්භ වල වර්ථමාන තත්වය පරීක්ෂා කිරීම සහ අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීමට මෙම නිලධාරීන් කඩිනමින් කටයුතු කරනු ඇත.

ඒ තුලින් අධිවේගී මාර්ගය නියමිත ප්‍රමිතියෙන් සහ තත්වයෙන් ඉදිකර, ආරක්ෂාකාරීව පවත්වා ගැනීම පිලිබඳව පූර්ණ සුපරීක්ෂාවක් සහ පසු විපරමකින් නිරන්තරයෙන් සිදු කිරීම තහවුරු කෙරෙනු ඇත.

READ:   බුත්තල, වැල්ලවායට තවත් භූ කම්පනයක්

ඊට අමතරව මෙම අධිවේගී මාර්ග කොටස දැනට ඉදිකිරීම් මට්ටමේ පවතින බැවින් මාර්ග ඉදිකිරීම් භාර කොන්ත්‍රාත්කරු විසින් මේ සඳහා සිදුව ඇතු මුල්‍යමය හානිය දරාගත යුතු වේ.

අධ්‍යක්ෂ ජනරාල්

මාර්ග සංවර්ධන අධිකාරිය

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්