දේශීය

දින හතරක් පැවති හැළඹ වැව ගොවි උපවාසය ඇමති මනූෂගේ මැදිහත්වීමෙන් නිමවෙයි

දින හතරක් පුරා ජල ප්‍රශ්ණයක් මුල්කරගෙන වැලිඔය හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නනායකකාර මහතාගේ මැදිහත් වීමෙන් ඊයේ අවසන් කිරිමට එම ගොවි සංවිධානය එකඟ විය.

තමන්ගේ ජල ගැටලුවට විසඳුමක් කිසිදු පාර්ශවයකින් නොලැබුන බව හැළබවැව ගොවීහු ඊයේ (04) මුලතිව් හි පුදුකුඩීඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේ පැවති ” ජයගමු ශ්‍රි ලංකා ජනතා ජංගම සේවයට සහභාගී වෙමින් සිටි අමාත්‍ය මනූෂ නානායකකාර මහතා හමුවී පැවසුවේය.

මේ පිළිබදව ජනාධිපතිතුමාගේත් විශය භාර අමාත්‍යතුමියගේත් අවධානය යොමුකිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

ඒ අනුව එම ස්ථානයට ඊයේ රාත්‍රියේම පැමිණි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, වනජීවී, වනසංරක්ෂණ සහ වාරි මාර්ග ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග මෙම තත්ත්වය දුරකථනයෙන් සාකච්චා කරන ලදි. එම සාකච්චාවේදී හැළබ වැව ගොවි ජනපදය තෙක් යාන්ඔය වාරි ජලය ගෙන් ඒමට අවශ්‍ය රුපියල් මිලියන 225 සදහා වන මුදල් ඉදිරි අය වැය මගින් වෙන් කිරීමටද සහතික විය.

මේ බව අමාත්‍ය මනූෂ නානානායක්කාර මහතා විසින් හැළබවැව ගොවි සංවිධනයේ සාමාජිකයන්ට දැන්වීමෙන් අනතුරුව ඔවුන් තම විරෝධතාවය අවසන් කිරිමට එකඟ විය. ඒ අනුව ගොවි සංවිධානයේ සභාපතිවරයා සිය උපවාසය අතහළ අතර තම ගැටළුවට අදාල සියළු ලේඛණ අමාත්‍යවරයාට බාරදී, ඒවා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානයට ලක් කරනා මෙන් ඉල්ලා සිටීන ලදි. ඉක්මනින් මේ සදහා මුදල් වෙන් කිරීමට ඇති හැකියාව පිළිබද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ගොවි පවුල් තුන්සීයක් පමණ හැළඹවැව ගොවිජන පදයේ පදිංචි කරනාලද අතර මේ වන විට පවුල් දෙසීයයක් පමණ එම ජනපදයේ ජීවත් වෙයි.

යාන්ඔය ව්‍යාපාරය යටතේ එම ගොවීන්ට වාරි ජලය ලබාදීම නියමිතව තිබුන මුත් විවිධ හේතූන් මත වාරි ජලය ලබාදීම නිසියාකාරව සිදු නොවූ බව ගොවීහු චෝදනා කරති.
එම තත්ත්වය මත ගොවිපවුල් 200 කට පමන වාරි ජලය නොලැබි යාමෙන් ඔවුනගේ වගාවන් කරගත නොහැකි තත්ත්වයක් ඇතිවිය.

එම තත්ත්වය මත යාන්ඔය ව්‍යාපාරයෙන් තමන්ට වාරි ජලය ලබදෙන ලෙස හැළඹවැව ජනපදයේ ගොවියෝ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටි අතර ඊට අදාල ඇස්තමේන්තුව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය ඇමති කාදර් මස්තාන්ගේ මැදිහත්වීමෙන් සකස් කර තිබුනි.

එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිට ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයට යාන්ඔය ව්‍යාපාරයේ ජලය ගෙන යාම දිනෙන් දින පමා වු අතර ගොවි සංවිධාන විසින් ඊට කලක සිට විරෝධතාවය දක්වමින් සිටිනා ලදි. තම ගම්මානයට සමීප දුරකට යාන්ඔය ව්‍යාපාරයෙ ජලය පැමිණ ඈති බවත්, ඉතිරි කිලෝ මීටර් හතරක දුර ජලය ගෙන ඒමට වැයවන්නේ රුපියල් මිලියන 225 ක මුදලක් බවත් හැළඹවැව ජනපදයේ ගොවියෝ පෙන්වා දුන්හ.

මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මැදිහත්වූයේ මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදී තිබූ ගැටලුවකටය.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

19 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago