අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව
- ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368 ක්.
- ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420 ක්.
- සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 333 ක්.
- ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 377 ක්.
- භූමිතෙල් මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 215 ක්.



