දේශීය

රට රස්සාවකට යද්දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුත්තේ ඇයි?

වැඩිදුර තොරතුරු ලබාගැනීමට රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේදී 26 සහ 27 පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට එන්න

රැකියාවක් සඳහා විදේශගත වීමේදී දී නිත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත වීම අනිවාර්ය වන අතර ඔබට එමගින් ප්‍රතිලාභ රැසක් හිමිකර ගැනීමේ හැකියාව ලබාදී ඇති අතර අද සහ හෙට රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට සහභාගීවී මේ ගැන වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

විදේශගත වීමකදී රජයේ ලියාපදිංචි කිරීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සෙවා නියුක්ති කාර්යාංශ පනත වන 1985 අංක 21 දරන පනතේ 53/3 වන වගන්තියට අනුවය. ඔබ බලපත්‍ර ලාභී පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මගින් විදෙස් විදෙස් ගතවන්නේ නම් එම ආයතනයේ මැදිහත්වීම මත විදේශගත වීම සඳහා අවසන් අනුමැතිය ලබාගත යුතුය. එසේ නොමැතිව පෞද්ගලිකව රැකියාවක් සඳහා විදේශගත වන්නේ නම් ඔබ ශ්‍රී ලංකා විදේශ සේවා නිවෘති කාර්යාංශය වෙත පැමිණ පළමු අනුමැතිය ලබාගත යුතුව ඇත.

මෙලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ ලියාපදිංචි වී විදෙස්ගත වීම මගින් ඔබට වඩාත් සුරක්ෂිත හා ප්‍රතිලාභ සහිත විදේශීය රැකියා අවස්ථාවක් වෙත යොමුවීමේ පහසුකම් රජය විසින් සපයා ඇත.
රජයේ ලියාපදිංචි වී විදෙස්ගත වන ඔබට ලැබෙන ප්‍රතිලාභ අතර රක්ෂනාවරණය ප්‍රමුඛතම ප්‍රතිලාභයකි. එමගින් විදෙස්ගත වී සිටීමකදී ඔබේ ජීවිතයට හානියක් සිදුවුව හොත් රුපියල් ලක්ෂ හයක(600000) උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය බැඳී සිටියි. එමෙන්ම පූර්ණ ආබාධිත තත්ත්වයකදී රුපියල් එක්ලක්ශ විසිපන්දහසේ සිට (125000) සිට ලක්ෂ හතර (400000) දක්වා වන්දි ලබා ගැනීමේ හැකියාවද පවතී. රෝගී තත්ත්වයක් හෝ කරදර හිරිහැර හා හදිසි අනතුරක් හේතුවෙන් ලංකාවට පැමිණි පසු මෙරටට පැමිණි ගුවන් ටිකට් පත් මුදල් නැවත ප්‍රතිපූරණය කිරීමේ හැකියාවද මෙම රක්ෂණාවරණයට අයත්ය. එමෙන්ම එවන් අවස්ථාවකදී ප්‍රතිකාර සඳහාද රුපියල් පනස් දහසක් (50000) ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් සිටියි.
රජය ලියාපදිංචි වී විදෙස් ගත වන ශ්‍රමිකයින් ගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරේ. එහිදී විදෙස් ගත ශ්‍රමිකයකුගේ දරුවෙකු පහ වසර ශිෂ්‍යත්වය සමත් වුවහොත් රුපියල් විසි දහසක් (20000)ද , අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමකදී රුපියල් 25000ක් ද, අපොස උසස් පෙළ සමත් වීමකදී රුපියල් තිස්පන්දහසක්( 35000.) විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදීමට කටයුතු කරමින් සිටි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධක අංශය මගින් ක්‍රියාත්මක කරන ආර්ථික අපහසුතා මැද අධ්‍යාපන කටයුතු සිදු කරන දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළට සම්බන්ධ වීමේ හැකියාවද ලියාපදිංචි වී විදෙස් ගත වන ශ්‍රමිකයින්ට අවස්ථාව උදාකර දී තිබේ.
එමෙන්ම ලියාපදිංචි වීමෙන් පසු විදෙස්ගතවීමකදී ඔබට මූල්‍යමය අපහසුතාව වෙත මුහුණ දීමට සිදුවනවා නම් රාජ්‍ය බැංකු සම්බන්ධීකරණය කරමින් රුපියල් ලක්ෂ පහ දක්වා ණය ඉල්ලුම් කිරීමේ හැකියාවද ඔබට හිමිකර දීමට කටයුතු සැලසුම් කර තිබේ.

එමෙන්ම විදෙස්ගතවීමකදී සිදුවන අනතුරු හේතුවෙන් සිදුවෙන ආබාධිත තත්ත්වයන් රක්ෂනාවරණයට අමතරව නිවසක අවශ්‍යතාවය සහිත අයට නිවසක් ඉදිකරදීම හෝ පවත්නා නිවසේ කොටසක් අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ දහයක (100000.00) උපරිමයකට යටත්ව සිදු කරනු ලැබේ. නිවසක් අවශ්‍ය නොවන අයගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට රුපියල් ලක්ෂයක (10000.00) ආධාර මුදලක් ලබාදීමද විදේශය වැනි අංශය මගින් සිදු කරමින් පවතී

මීට අමතරව ශ්‍රී ලංකාව විදෙස් සේවා නියුක්ති කාර්යයන් ලියාපදිංචි වී නීත්‍යානුකූලව විදෙස් ගත වන අය සඳහා කාලීනව සංවිධානය වෙන විවිධ ව්‍යාපෘති වැඩසටහන් හරහා ප්‍රතිලාභ ලබාදීම අඛණ්ඩව මේවන තෙක් සිදුකරමින් ඇත.
ඔබත් විදෙස් ගතවීමට අපේක්‍ෂාවෙන් සිටින අයෙක් නම් ශ්‍රී ලංකාව විදෙස් සෙවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නිත්‍යානුකූල ක්‍රමවේදය හරහා විදෙස් ගතවීම ඔබත් ඔබේ පවුලේ අයත් සුරක්ෂිත අනාගතයක් කරා රැගෙන යන ප්‍රධානතම ක්‍රමවේදය බවට පත්ව ඇත.
මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවී නිවැරදි මාර්ගයෙන් සුරක්ෂිතව විදෙස්ගත වීම සඳහා ඔබත් විදෙස් සේවා නියුක්ති කාරංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අංක 234 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත කොස්වත්ත බත්තරමුල්ල ලිපිනෙහි ඇති ශ්‍රී ලංකා විදේශ සේවා අනුත්තිකාරාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් ලියාපදිංචි වීමට හැකියාව ඇත
ලියාපදිංචි වීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට 0112879900, 0112879902 යන දුරකථන අංක ඔස්සේ හෝ පැය 24 පුරා ක්‍රියාත්මක කෙටි දුරකථන අංකය 1989 ඇමතුමක් ලබාදීමෙන් ලබාගත හැක.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago