දේශීය

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වය සහ සාරවත්භාවය ලබාදීම සඳහා ගරු සරු – www.garusaru.lk වෙබ් අඩවිය ජනගත කෙරේ

ශ්‍රමිකයාටම වෙන්වූ QR කේතයකුත් හිමිවේ

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක ‘ගරු සරු’ වැඩසටහන සඳහා ශ්‍රමිකයින් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේ අද (26) පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබුවේය.

www.garusaru.lk යන වෙබ් ලිපිනය ඔස්සේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේ අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව ක්ෂේත්‍ර විස්සකට අදාළව ශ්‍රමිකයින්ට ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වන අතර එසේ ලියාපදිංචි වන සෑම අයෙකුගේ නමකටම පුද්ගලිකව QR කේතයක් හිමි වේ.

file

ත්‍රීරෝද රථ රියදුරු, මෝටර් රථ කාර්මික, කලාකරුවන්, රූපලාවන්‍ය ශිල්පීන්, වඩු කාර්මිකයින්, කිමිදුම්කරුවන්, දේශීය ගෘහ සේවිකා, ධීවර කර්මාන්තය, බේකරි සහ ආහාර බෙදාහැරීම්, මාධ්‍යවේදී, පෙදරේරු, විසිතුරු ධීවර කර්මාන්තය, පින්තාරුකරු, ජලනල කාර්මික, පෙරපාසල් ගුරු, පුද්ගලික බස්රථ රියදුරු සහ කොන්දොස්තර, තෙරපිස්ට්, ටයිල් කරන්නන්, පෑස්සුම්කරු යන කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට දායක නොවන ක්ෂේත්‍ර විස්සක් සඳහා ගරුත්වය සහ සාරවත්භාවය සහිත තිරසාර ප්‍රතිලාභ හිමි වන ක්‍රමවේදයක් මේ හරහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

‘ගරු සරු’ වෙබ් අඩවිය ජනගත කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේ පැවසුවේය.

“ඔබව වෘත්තිකයින් විදිහට හඳුන්වන්න මේ රට සූදානම් නෑ. ඔබව අවිධිමත් කියන ගොඩට දාලා තියෙන්නේ. 1900 කම්කරු දෙපාර්තමේන්තුව හැදුනත් රාජ්‍ය පෞද්ගලික සේවකයින් වගේ ඔබව වෘත්තිකයෙක් හැටියට හැඳින්වෙන්නේ නෑ. ඒකයි අපි සේවයේ ගරුත්වය විශේෂ අංගයක් කළේ අපේ අලුත් රැකී රක්ෂා පනතේ. අපි පනත සකස් කරලා, නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙන්නේ. ඔබ ඔබේ වෘත්තීය පිළිබඳව ඔබේ වෘත්තීය සංගමය, ව්‍යවස්ථාව හදාගත්තම නීතිරීති, තත්ත්වයන්, සුදුසුකම් හදාගෙන ගැසට් කරන්න අවස්ථාව ව්‍යවස්ථාව හරහා ලබා ගන්නවා. මේ රටේ කම්කරු ඇමති, කම්කරු අමාත්‍යාංශය කියන නම් අයින් කරනවා. කම්කරුවා නැත්තටම නැති කර වෘත්තිකයන් බවට පත් කරනවා. අපිට ඔළුවට එන කම්කරුවා කියන සංකල්පය ඉවත් කරනවා.

මේ අය ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් හදලා දුන්නම රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ බලපත්‍රය ලැබෙනවා. ඒ බලපත්‍රය නෑතුව රැකියා කරන්න බැරි වෙනවා. රැකියාවල ප්‍රමිතිය තහවුරු වෙනවා. වෙබ් අඩවිය විවෘත කර ජාතික වැඩක් අපි රත්නපුරෙන් පටන් ගත්තේ. ගොඩක් අය කැමතියි මිනිසුන් මේ විදිහටම තියාගෙන හැමදාම දේශ්පාලනය කරගෙන යන්න. ජනාධිපතිතුමා මට බලය පැවරුවා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදන්න. තව සති දෙකකින් කැබිනට් මණ්ඩලයට යෝජනාව දාලා සම්මත කරගන්නවා. අපි එය හදලා ඉවරයි.” යැයි අමාත්‍යවරයා පැවසීය.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

21 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

22 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago