Thursday, June 4, 2026
Homeදේශීයඅනුර - සජිත් විවාදයට සත්කාරකත්වය දෙන්න නීති ශිෂ්‍ය සංගමය සූදානම්

අනුර – සජිත් විවාදයට සත්කාරකත්වය දෙන්න නීති ශිෂ්‍ය සංගමය සූදානම්

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය සඳහා සත්කාරකත්වය දැරීමට නීති ශිෂ්‍ය සංගමය සූදානම් බව එම සංගමය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර, ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය යන පක්ෂවල නියෝජිතයින් විසින් නිකුත් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශවලට අනුකූලව, එම පක්ෂවල ප්‍රධාන නායකයන් අතර යෝජිත විවාදය ශ්‍රී ලංකා නීති නීති විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට යෝජනා කරයි.

ඔහු සදහන් කරනුයේ රටේ අනාගතය තීරණය කරන දේශපාලකයන් විසින් තමාගේ ප්‍රතිපත්තීන් මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවත් එම ප්‍රතිපත්තීන් අභියෝගයට ලක්විය යුතු බවත් ය.

මෙහි දී වඩාත් කතාබහට ලක් වූ ආකාරයට අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු අපක්ෂපාතී ආයතනයක් ලෙස සිදු කිරීමට නීති ශිෂ්‍ය සංගමය සූදානම් බව සභාපතිවරයා තවදුරටත් සඳහන් කරන ලදී. මීට අදාලව පක්ෂ දෙකටම නිල වශයෙන් නීති ශිෂ්‍ය සංගමය විවාදය සංවිධානය කිරීමට සූදානම් බව දැනුම් දී ඇත.

තවදුරටත්, අනාගතයේදී ප්‍රගතියට මග පාදන සහිත සාකච්ඡා පෝෂණය කරමින් නීතිය හා සාමය, ආර්ථික ප්‍රතිසංස්කරණ, තාක්‍ෂණය සහ අධ්‍යාපනය වැනි තීරණාත්මක මාතෘකා පිළිබඳ විවාදවල යෙදීමට සංගමය සැලසුම් කරයි.

:දිනමිණ

READ:   පාලනයේ වුවමනාව සහ ජනතාවගේ වුවමනාව එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනගමු - අනුර කුමාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්