Thursday, July 30, 2026
Homeදේශීයබක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනක යි.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයට පත් කිරීම සඳහා බුදු රජාණන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකුගේ රුව දැකීම සිදුව ඇත්තේ බක් පුර පසළොස්වක පොහෝ දිනකයි.

සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු එළඹෙන පළමු පොහොය වන බක් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් සිදු කෙරෙනවා.

READ:   මිටර් 100 මූලික තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය යුපුන් අබේකෝන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්