Monday, June 15, 2026
Homeදේශීයඅඟහරු ගැන පරික්ෂණ කරන NASA විද්‍යාඥවරුන් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ පියුමි විජේසේකර තෝරා ගනී

අඟහරු ගැන පරික්ෂණ කරන NASA විද්‍යාඥවරුන් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ පියුමි විජේසේකර තෝරා ගනී

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන පරීක්ෂණ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකර තෝරා ගෙන තිබෙනවා.

නාසා ආයතනය මගින් හූස්ටන් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක අදාළ මෙහෙයුම් සිදු කරයි.

සිව් දෙනෙකුගෙන් යුත් අදාළ විද්‍යාඥයන් අතර අනෙකුත් පිරිස වන්නේ ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති යන අයයි.

file

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඇයගේ මූලික අධ්‍යයනයේ සිට NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස පියුමි විජේසේකර මේ වන විට කටයුතු කරන බව සඳහන් වෙනවා.

READ:   2023 අය වැය අද පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්