දේශීය

අමාත්‍යාංශයක් ලෙස ප්‍රතිපත්තිමය වෙනස්කම් කරලා ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක අපි කරලා තියෙනවා – ඇමති මනුෂ

ජනතාව පාරට බැහැලා කෑගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්‍රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

file

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සිංහල – හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ උත්සවයට අද (17) දින සහභාගී වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේවන විට මෙරට කම්කරු ක්ෂේත්‍රය තුල සාධණීය වෙනස්කම් රැසක් සිදුකිරීමට හැකියාවක් ලැබුණු බවත් එම වෙනස්කම් සඳහා මූලික අඩිතාලම ඉකුත් වසර අවසානයේදී දැමීමට පියවර ගත් බවත් ඊට අනුගතව එම කටයුතු මේවන විට ඉතා සාර්ථකව සිදුවන බවද අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේදී පැවසීය,
“මීට අවුරුදු දෙකකට විතර කලින් ජනතාව පාරට බැහැලා කෑගහලා සිස්ටම් එකේ වෙනසක් ඉල්ලුවා. හැබැයි සමස්ථයක් විදිහට ජනතාව හිතපු දේ තමයි ක්‍රමයේ වෙනසක් ඇති කිරීම. හැබැයි එහිදී ජනතාව ඔලුගෙඩි වෙනස් කිරීමක් නෙමෙයි බලාපොරොත්තු වුනේ.

ඒකට තමයි අපිට ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය කරලා තිබුනේ. කවුරු වෙනස් වුනත් වෙනස් නොවන වැඩපිළිවෙලක් සකස් කිරීමටයි අපට අවශ්‍ය වුනේ. පහුගිය අවුරුදු දෙකක කාලය තුලදී අපේ අමාත්‍යාංශය ඒ වැඩපිළිවෙල නිවැරදිව ඉටු කළා.

අපි විගමනික ප්‍රතිපත්තිය සකස් කළා. ඒ වගේම කම්කරු ප්‍රතිපත්තිය ගැන යලිත් අවධානය යොමුකරලා සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම ආරක්ෂිත වැඩ පරිසයරයක් ඇති කිරීමට අදාල ප්‍රතිපත්තිය හදුන්වා දුන්නා. කම්කරු නීතිය වෙනස් කරන්නත් අපි සමත් වුනා. විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වෙනස් කරලා ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කරන්නත් අපට හැකියාව ලැබුනා.

ඒ වගේම ඩිජිටල්කරනය කරන්නත්, එමගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වගේම කම්කරු දෙපාර්තමේන්තුවත් ඩිජිටල්කරනය කරන්න අපිට හැකියාව ලැබුනා. සුද්දගේ කාලයේවත් හිතපු නැති සෑම ශ්‍රමිකයෙකුටම ගරුත්වයක් ලබාදෙන ගරුසරු වැඩසටහන දියත් කරන්නත් හැකියාව ලැබුනා.

අපිට ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අවශ්‍ය වන මූලිකම කාරණය වන ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීමට හැකියාව ලැබුනා. ඒකට අමාත්‍යාංශයේ සියලුදෙනා කැපවී කටයුතු කළා. මේක තමයි සැබෑ අරගලය. ඒ කියන්නේ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට රාජ්‍ය සේවකයින් සියලුදෙනා එකට එකතුවෙලා මහන්සිවෙලා වැඩකරන එක තමයි අරගලය කියන්නේ.

වැඩකරලා රට ගොඩනැගීම තමයි සැබෑ අරගලය වෙන්නේ. අවුරුදු ගානක් කරන්න බැරිවුන දේවල් මේ වසර දෙක තුල කරන්න අපිට හැකියාව ලැබුනා.”

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago