දේශීය

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාලාභීන් පළමු 125 දෙනා පිටත් වෙයි

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමට අයත් රැකියාලාභීන් 125 දෙනෙකු හට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

file

අප්‍රේල් 13 වැනිදා මෙම රැකියාලාභීන් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත අතර ඒ සඳහා වන ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහත්වරු එක් වූහ.

file

ඉදිකිරීම් රැකියා සඳහා පිටත් වන පළමු කාණ්ඩය හැටියට එය වාසිසහගත මෙන්ම අවදානම්සහගතද අවස්ථාවක් වන බව කී අමාත්‍යවරයා, රැකියා බලා යන පළමු පිරිස හැටියට වගකීමෙන් රැකියාව කිරීමේ වැදගත්කමද රැකියාලාභීන් වෙත එහිදී අවධාරණය කළේය.

file

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

“පළමු කණ්ඩායම වාසි සහගතයි කියනවා වගේම තමයි පළමු කණ්ඩායම අවදානම්සහගතයි. මොකද රටේම අනාගතයට ඔබලාගේ ගමන තීරණාත්මකයි. පළමු කණ්ඩායම වීම ගැන ඔබ වාසනාවන්ත වෙන්නේ මේ දක්වා ඊශ්‍රායලයට ගිය අයගෙන් වැඩිම පඩි හම්බවෙන්නෙ ඔයාලට. හැබැයි නිකන් ඉඳලා නෙවෙයි. ලංකාවේ දවසකට වැඩ කරලා හොයන මුදලට වඩා මුදල එහෙදි වැඩියි. එහෙදි දරු සුරතල් බලන්න නෑ. වෙනත් වැඩ නෑ. ඒ ගිහිල්ල වැඩ කරන කාලයේ උපරිම මුදලක් හම්බ කළොත් ඔයාලා තමයි වැඩිම මුදලක් හම්බ කරන කණ්ඩායම. අවම වැටුප වගේ දෙගුණයක් විතර ඔබට හම්බ කරන්න පුළුවන් වීම වාසනාවේ පැත්ත. අවදානම් පැත්ත තමයි හරියට වැඩ නොකළොත් අනාගතයේදී යන්න ඉන්න 20,000ක ශ්‍රී ලාංකිකයින්ට අසාදාරණයක්. ඔබ ඉදිකිරීම් වැඩපළේ, මෑන් පවර් ඒජන්සියේ නවතින්න පුළුවන්. ලංකාවේ වැඩ කරද්දි වැඩ කරන්නේ සුඛෝපභෝගී තැන්වල ඉඳලා නෙමෙයි. නමුත්, පිටරටට ගියාම වොශින් මැශින්, කාමරේ ඒසී හොයන්න එපා. ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියාවලට ගිය සමහර අයට දවසට දොඩම් කූඩ 02ක් කඩන්න කිව්වම කූඩයක් කඩාගන්න බෑ. අපේම තරුණයො ඉලක්කය සපුරලා, වැඩි ගණනකුත් හොයනවා.ඊශ්‍රායලයේ හාම්පුතුන් ඉල්ලන්නේ හොඳම අයව. පළමු අයගේ කණ්ඩායම ගැන වැරදි ප්‍රචාර නිසා අපේ කෘෂි ශ්‍රමිකයන් ගන්න එපා කියලා ප්‍රචාරය වුණා. රට වට්ටන්න ඕන නිසා ඒ අය රටට සල්ලි එවන්නත් එපා කිව්වා. ඒ අය ෆේස්බුක් එකෙන් මාලිමාවට ජය වේවා කියනවා.
ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන්වලදි අපි ඉදිකිරීම් සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කරද්දි මනූෂ නානායක්කාර නිෂ්පාදන ආර්ථිකයක් නොහදා තරුණයො රට පටවනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ රැළියෙදි කිව්වා අඩු මුදලට තරුණයො විකුණනවා කියලා. වියදම් කරලා යන රුපියල් ලක්ෂ හයට වැඩිය පළමු පඩියෙම ලැබෙනවා. ඒ රටවල වෘත්තීය ආරක්ෂාව බලනවා. ව්‍යවසායකයින් අපිට ඕනි. මේ 20,000 මාස 63කින් ආපහු ලංකාවට ආවොත් 20,000ක් රට වටේට බෙදෙනවා. ඔය අය ගම්වල ව්‍යවසායකයින්, ව්‍යාපරකයින් වෙනකොට මේ රට ගොඩදාන්න පුළුවන්. පාරවල්වල බෝඩ් උස්සන් හිටියට රට ගොඩදාන්න බෑ.” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

21 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

22 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago