දේශීය

විදේශ රැකියා අවස්ථා සහ වැඩි සැලකිලි රැගෙන වවුනියාවට ගිය ‘ජයගමු ශ්‍රී ලංකා’ මේ සතියේ ගම්පහට….

වසර 30ක් මුළුල්ලේ පැවති යුධ සමයේදී කඨෝර ජීවිතයක් ගෙවා අවසන් කළ, භෞතිකමය සහ ජාතිකත්ව මට්ටමින්ද අඩු සැලකිලි ලද දිස්ත්‍රික්කයක් හැටියට වවුනියාව දිස්ත්‍රික්කය බොහෝ දෙනෙක් හඳුනති. විදේශ රැකියා ලබා දීමේදී එම දිස්ත්‍රික්කයට වැඩි සැලකිලි ලබා දීමේ අවශ්‍යතාව තහවුරු කෙරෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ මෙවර වැඩසටහන පසුගිය මාර්තු 29-30 දෙදින වවුනියාව දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව, වෘත්තික ප්‍රජාව, විදේශගත රැකියා අපේක්ෂිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අවස්ථා සහ ප්‍රතිලාභ ලබා දෙමින් සාර්ථකව අවසන් කෙරිණි.

file

‘ස්මාට් වැඩ්ඩන්ගේ ස්මාට් අරගලය වවුනියාවට’ යන උද්ධෘතය සහිතව ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සංවිධානය කරන ලද අතර මෙය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

වවුනියාව ගාමිණී මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙවර වැඩසටහනට වවුනියා දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගත් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්, විදේශගත වීම අපේක්ෂාව කර ගත් රැකියා අපේක්ෂිතයින්, රැකියා උපදේශනය හා දිරිගැන්වීම් අවැසි පාර්ශ්ව සහ විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල දූ දරුවන්, පාසල් සිසු සිසුවියන් සමග රජයේ ආයතන නියෝජනය කරන නිලධාරීහු විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.

file

වවුනියාව දිස්ත්‍රික්කය වූ කලී තිස් වසරක යුද්ධයේ අඳුරත් සමග දිවි ගෙවූ බොහෝ කඨෝර වූ පරිච්ඡේද සහ ජීවිත අහිමි වීම් සමග ජනතාව දිවි ගෙවූ දිස්ත්‍රික්කයකි. එසේ නමුත්, සිනහමුසුව වර්තමානය දක්වා එම කඨෝරකම් විඳිමින් ජීවිතාශාවෙන් ජීවත් වන වැසියන් සිටිනා මිත්‍රශීලී ප්‍රජාවක් සිටින දිස්ත්‍රික්කයක් හැටියට වවුනියාව මෙහිදී දකින්නට ලැබිණි. ‘ජයගමු ශ්‍රී ලංකා’ දෙදින වැඩසටහනේ විශේෂම අවස්ථාවක් වූයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් දෙවැනි දිනයේදී (30) මෙහෙයවන ලද පාසල් සහ තරුණ දරුවන් සහභාගි වූ ‘ස්මාට් යූත් ක්ලබ්’ අදියරයි.

‘ස්මාට් යූත් ක්ලබ්’ මෙතෙක් පැවති වැඩසටහන්වලදී සියලු දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාවගෙන් අමාත්‍යවරයා ඇසූ ‘ඔබ සතුටෙන්ද?’ යන පැනයට වවුනියා සහභාගිත්වයෙන් පිළිතුරු ලැබුණේ ඔවුන් සතුටෙන් සිටිනා බවටයි. අනෙකුත් දිස්ත්‍රික්කවලින් මේ දක්වා එවැනි පිළිතුරු ලැබුණේ ඉතා අඩුවෙනි. එවැනි සතුටුදායක සහ මිත්‍රශීලී වටපිටාවක ඇති වටිනාකමත් එම තරුණයනුත් එහිදී අමාත්‍යවරයාගේ විශේෂ පැසසුමට ලක් විය. අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වවුනියාව ශ්‍රමිකයන්ට විදේශගත වීමේ සිහිනය සඳහා රජයේ සහ ලියාපදිංචි ආයතන සමග සම්බන්ධ වී කටයුතු කිරීමේ වැදගත්කම එහිදී පහදා දුන්නේය. විදේශ රටවලට යවන බවට පොරොන්දු වී මුදල් ඉල්ලා සිටින කිසිදු පාර්ශ්වයකට මුදල් ලබා දී නොරැවටෙන ලෙසත් එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම පිණිස කටයුතු සැලසීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. අතීතයේදී ජාතිවාදී බලවේග විසින් රට යුද්ධයක් කරා ගෙන ගිය හැටි මෙන්ම ජාතිවාදී ගැටුම්කාරී අවස්ථා ඇති කිරීමට කටයුතු කළ හැටිත් අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර 2015දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ගීය දෙමළෙන් ගැයීමේ තීරණය ගැනීමේ අවස්ථාවද සිහිපත් කළේය.
‘ජයගමු ශ්‍රී ලංකා’ පළමු දින ‘ස්මාට් වැඩ්ඩන්’ අදියර සඳහා වෙන් කර තිබිණි. එහිදී,
“මට ගාල්ලට විතරක් කරන්නට පුළුවන් දේ, දකුණට විතරක් කරන්න පුළුවන් දේ එහෙම නොකර උතුරටත් එකම හැන්දෙන් බෙදන්න ක්‍රියා කරන්නේ. එකම විදිහටත් වඩා ටිකක් වැඩියෙන් අඩු සැලකිලි ලබපු පළාතක් හැටියට ඔබට වැඩියෙන් සලකන්නයි අපි කටයුතු කරන්නේ.” යනුවෙන් අමාත්‍යවරයා සහතික විය. රට ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙමින් ඇති මොහොතේ රටට ‘ඩොලර්’ එවමින් වැඩිම කාර්යභාරයක් ඉටු කර ඇත්තේ විදේශගත ශ්‍රමිකයින් බව අමාත්‍යවරයා අනාවරණ කළේය.

ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, වන්නි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති – පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තිලීපන්, වන්නි දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක මහේන්ද්‍ර රාජා මයුරන්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආනන්ද විමලවීර, වව්නියාව දිස්ත්‍රික් ලේකම් සරත්චන්ද්‍ර, බ්‍රිගේඩියර් ශෙහාන් ප්‍රනාන්දු, මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා, අමාත්‍යවරයාගේ පෞද්ගලික උපදේශක ශ්‍යාම් යහම්පත්, ප්‍රාදේශීය ලේකම්වරුන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරීත්වය, විගමණික ශ්‍රමික පවුල්වල සාමාජිකයින්, බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන හිමිකරුවන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් එම අවස්ථා සඳහා සහභාගි විය.
වවුනියාව දිස්ත්‍රික්කයේ විදෙස්ගත ශ්‍රමික සංගම් සාමාජිකයින්ද අමාත්‍යවරයා සමග සාකච්ඡා සඳහා සහභාගි වූ අතර ‘ශ්‍රමයට ගෞරවයක්’ නමින් පිහිටුවූ ‘ගරු සරු’ වැඩසටහනද එදින පැවැත්විණි. මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නියුතු වූවන්ගේ ශ්‍රමයට ගරුත්වයක් ලබා දෙන ‘ගරු සරු’ වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු වෘත්තීකයන්ට සිය කුසලතා සහතික කරගැනීමේ අවකාශයද එහිදී ලබා දී තිබිණි. ඒ සඳහා වූ ලිපි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් ශ්‍රමිකයින් වෙත පිරිනමනු ලැබිණි.
අවිධිමත් වෘත්තීන්ට හිමි වැටුපේ පටන් නිසි වටපිටාව, ප්‍රායෝගික සුදුසුකම්, අසීරුතාව, ස්ථාවරභාවය, වෘත්තීය හිමිකම් පමණක් නොව ඒ සඳහා හිමි විය යුතු ගරුත්වයද ලබා දීම පිණිස ආරම්භ කළ ‘ගරුසරු’ වැඩසටහනද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් වේ.

විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර කටයුතුවල නිරත වන විගමණික ශ්‍රමිකයන් සිව් දෙනෙකු හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මුදල් ත්‍යාග ප්‍රදානය කරනු ලැබූ අතර මෙරටට පැමිණ ස්වයං රැකියාවල නිරත වන විගමණික ශ්‍රමිකයින් 15 දෙනෙකු සඳහාද මුදල් ආධාර ප්‍රදානය කරනු ලැබිණි.
විගමනික ශ්‍රමිකයන් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය අගය කරමින් ඔවුන්ගේ පවුල් වල සාමාජිකින් සඳහා ඇස් කණ්නාඩිද, කාර්යාංශයේ අවස්ථා කීපයකදීම ලියංපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය 6 දෙනෙකු ඇගයීමට ලක්කරමින් මුදල් ත්‍යාග ලබා දෙන්නට කටයුතු කර තිබිණි.
මීට අමතරව විදේශවල සේවය කරන විගමණික ශ්‍රමිකයන්ගේ සහ මෙරටට පැමිණ සිටින විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 80 දෙනෙකු හට පාසල් උපකරණ ප්‍රදානය කෙරුණු අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 17 දෙනෙකු හට ශිෂ්‍යත්ව ලබා දීමද සිදු කෙරිණි. ඊට සමගාමීව විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල්වල සුහුරු පන්ති කාමර පිහිටුවීමට ස්මාට් බෝඩ් 04ක් ලබා දීමටද පියවර ගැනිණි.
පළමු දින රාත්‍රියේ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංගීත ප්‍රසංගය පැවැත්වුණේද වවුනියාව ගාමිණී මහ විද්‍යාල ක්‍රීඩාංගණයේදීය.
‘ස්මාට් යූත් ක්ලබ්’ අදියර පැවැත්වුණේ ‘ජයගමු ශ්‍රී ලංකා’ දෙවැනි දින වන 30 වැනිදාය. අමාත්‍යවරයා එදින ගාමිණී මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබූ විදේශ රැකියා නියෝජිත ආයතන නීරීක්ෂණය කිරීමට එක් විය.
එදින තරුණ තරුණියන් දස දහසකට ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන යටතේ වෘත්තීය පුහුණුව ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම සිදු කෙරිණි. ‘ශ්‍රම වාසනා’ අරමුදල් වැඩසටහන මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල පාසල් දූ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල ලබා දීමද එදින සිදු කෙරුණු අතර වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරන අඩු ආදායම්ලාභී පවුල්වල තෝරා ගත් පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීම එහිදී සිදු විය.
වවුනියාවේ සිට ‘ජයගමු ශ්‍රී ලංකා’ මීළඟ එළඹුම වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයටය. අප්‍රේල් 06-06 දෙදින ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ රට පුරා යන ජංගම වැඩසටහන සඳහා සහභාගි වන්නැයි ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත සේවා සහ රැකියාවල නියැලෙන, දෙස් විදෙස් රැකියා අපේක්ෂිත පුරවැසියන් වෙත විවෘත ආරාධනයක් තිබේ. එය ශමිකයන්ගේත් රටේත් අනාගතය දීප්තිමත් කරගැනීම සඳහා කම්කරු හා විදේශ අමාත්‍යාංශයෙන් කරන පොදු ආරාධනයක් වේ.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

4 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

4 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

6 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago