දේශීය

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය

විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත් කිරීමේ හැකියාව සහිත ඩිජිටල්කරණ ක්‍රියාවලියකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් නුදුරේදීම එය ආරම්භ කරන අතර එමගින් විදේශ රැකියා ක්ෂේත්‍රය නව ලෝකයට ගැලපෙන පරිදි ඩිජිටල්කරණය කිරීමට මග පෑදෙනු ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (23) අවධාරණය කළේය.

විදේශගත ශ්‍රමිකයින් සඳහා දැනටමත් සිය පැමිණිලි සහ ගැටලු දැනුම් දීම සඳහා සේවය කරන රාජ්‍යයේ තානාපති කාර්යාලවල අංක දී තිබෙන නමුත්, තමන් කී ඩිජිටල්කරණ හඳුන්වා දීමත් සමග සමස්ත පද්ධතියම වෙනස් වන බව අමාත්‍යවරයා පැවසුවේ ‘ජයගමු ශ්‍රී ලංකා’ – මාතලේ පැවැති වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සමග පැවැත්වුණු සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

file
file

එහිදී සහභාගි වූ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ

“කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සම්පූර්ණ පද්ධතිය ‘ඩිජිටලයිස්’ (ඩිජිටල්කරණය) කරන්න. එයින් තානාපති කාර්යාලයේ ඉඳලා, සේවකයින් බඳවාගැනීමේ සිට සියලු දේවල්වලට අදාළ පද්ධතියම වෙනස් වීමකට ලක් වෙනවා. මේ පද්ධතිය වඩා කාර්යක්ෂම බවට පත් වෙනවා. ඒ සමග සෑම ශ්‍රමිකයකුටම තමන්ගේ දුරකථනයේ ‘ඇප්’ එකක් තියෙනවා. ලොකූ දේවල් සඳහන් කිරීම අවශ්‍ය නෑ. සතුටු මූණක්, දුක මූණක්, ප්‍රශ්නයක්, බොත්තමක් එබීමට පමණයි තියෙන්නේ. එවිට තානාපති කාර්යාලයට, කොළඹ අපේ කාර්යාලයට අදාළ තැනැත්තා හෝ තැනැත්තියට ප්‍රශ්නයක් බවට පණිවුඩයක් ලැබෙනවා. ඒ අනුව අදාළ කෙනා සම්බන්ධ කරගන්න ක්‍රමයක් අපි හදාගෙන තියෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී අපි නිවැරදි දැනුවත් කිරීම් කරනවා. ඩිජිටල් පද්ධතිය තහවුරු වුණාම මේ ගොඩක් ප්‍රශ්න අඩු වෙයි. මීට අමතරව මේ අතර වෙන ගැටලුකාරී තත්ත්වයන් පවා වාර්තා කරගන්නට පුළුවන් වෙයි වැටුප් ලැබීමේ ඉඳලම. අද වැටුප නොලැබුණොත් එයට අදාළ සලකුණ දැම්මම අපේ කාර්යාලයත්, ඒජන්තවරයාත් දන්නවා වැටුප් ලැබිලා නෑ. කියලා. ඒ අනුව මේ සියල්ල සම්බන්ධීකරණය වෙන වැඩසටහනක් ලැබෙනවා.”

විදේශගත කිරීම්වලට සම්බන්ධ වෙන එප ඒජන්තවරුන් සමබන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශනයකට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

“දැනට තිබෙන පනත අනුව උප ඒජන්තවරුන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිදු වගවීමක් නෑ. ඒ නිසා උප ඒජන්තවරුන් සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ආකාරයට, විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කරලා එය දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ අවසන් අවස්ථාවේ තියෙන්නේ. එය ඉක්මනින් පාර්ලිමේන්තුවට යනවා. ඒ තුළ තියෙනවා මේ අනු නියෝජිතයින් බලපත්‍රලාභී නියෝජිත ආයතනයකට සීමා කෙරෙන හැටියට නියමානුකූල කරන බව. හැබැයි එම ආයතනයට මේ උප නියෝජිතවරුන් ගැන වගකියන්න වෙනවා. සේවිකාවන් විකුණා ගන්නා මුදලක් කියා එකක් නෑ. එය ශ්‍රමිකයින් බඳවාගැනීමට යන වියදම. ඩුබායි, සෞදි, කුවේට් රටවල්වල රටින් රටට දෙන බඳවාගැනීමේ මුදල වෙනස්. සමහර ආයතන මේ ලාභය ගැන දැන්වීම් දානවා. සමහරු දැන්වීමක් නොදා උප ඒජන්තයින් සහ රට යන ශ්‍රමිකයින්ගේ පවුල්වලටත් දීලා රැකියාවලට බඳවාගැනීම කරනවා. මේ සියල්ල ඉදිරියේදී වෙනස් වේවි.” අමාත්‍යවරයා පැවසීය.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

24 hours ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

1 day ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

1 day ago

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…

1 day ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

4 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

4 days ago