දේශීය

මතුගමදී කාන්තා ව්‍යවසායකයින්ට ඇගයීමක්

කාන්තා ව්‍යවසායකයින් ඇගයීම වෙනුවෙන් මතුගම ප්‍රාදේශීය ලේකම් මදුෂ සංකල්ප,සහකාර ප්‍රාදේශීය රෝෂිනී මෙණවිය, ඇතුලු පිරිසගේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව විශේෂ වැඩසටහනක් මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන සංවිධායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා සහ මතුගම ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති අනුර රංජිත් මහතා එක්වුනා.

file

මෙය මතුගම වනිතා සංවර්ධන ඒකකය මගින් පවත්වනු ලැබුවේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීවයි.

මෙහිදී විවිධ අංශ වලින් පෙනී සිට ජයග්‍රහණය කල කාන්තා ව්‍යවසායකයින්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය සිදුකලා.

ඒ සදහා ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමද අනුග්‍රාහකත්වය උසුලනු ලැබුවා.

මතුගම ප්‍රාදේශීය කාන්තා සංවිධාන රැසක කාන්තාවන් සිය කලා කුසලතා එළිදැක්වීමද සිදුකරමින් උත්සවය වර්ණවත් කලා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago