දේශීය

අනුරාධපුරයෙන් පටන්ගෙන කුරුණෑගල තෙක් ගිය ‘ජයගමු ශ්‍රී ලංකා’ – මීළඟ වැඩසටහන මාර්තු 16-17 පුලතිසිපුරවරයට

නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ තරුණ පරපුරක් හැදීම අපේක්ෂා කරන ‘ජයගමු ශ්‍රී ලංකා’ කුරුණෑගල දිස්ත්‍රික් රැකියා වෙළඳපොළ සහ රැකියා උපදේශන වැඩසටහන අති සාර්ථකව කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී මාර්තු 9 සහ 10 දෙදිනදී පැවැත්විණි.

file

ඒ අනුව ඇතුගල් පුරයෙන් සාර්ථකව අවසන් කෙරුණ මීළඟ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන මාර්තු 16 සහ 17 දිනවල අභිමානවත් පුලතිසි පුරවරයේ පැවැත්වීමට නියමිතය. වැඩසටහන එම දෙදින තුළ පොළොන්නරුව මහජන ක්‍රීඩාංගණයේදී සාර්ථක ලෙස පැවැත්මට අපේක්ෂා කෙරේ.

file

‘ජයගමු ශ්‍රී ලංකා’ මාර්තු 09 – 10 දෙදින පැවති වැඩසටහනේදී පාසල් උපකරණ බෙදාදීම, ශ්‍රම වාසනා අරමුදල්, දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳව දිරිගැන්වීමේ දේශන මාලාව, විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, එම පවුල්වලට විවිධ ප්‍රතිලාභ ලබාදීම, තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ලබාදෙන ස්මාට් යූත්, අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් ලබාදෙන ගරු සරු, ශ්‍රම වාසනා අරමුදල විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් උපකරණ ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් ‘ජයගමු ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ ඉහත දෙදින තුළදී සිදු කෙරිණි.

රැකියා වෙළඳපොළ උපදෙස් ලබා දීම සහ ව්‍යවසායකයන් දිරිමත් කෙරෙන අවස්ථා ලබා දීමද මෙහිදී සිදු කෙරුණු අතර එයින් අනාගතයට වැදගත් අදහස් ගණනක් එකතු කරගත් වෘත්තිකයෝ බොහෝ වූහ.

විදෙස් රැකියා අවස්ථා කුරුණෑගල ජනතාව වෙත රැගෙන යමින් ක්‍රියාත්මක කෙරුණ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජනතා ජංගම සේවයට විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට අධික සංඛ්‍යාවක් එක්ව සිටි අතර විදෙස් රැකියා සදහා ලියාපදිංචි කිරීම්ද එහිදී සිදු කෙරුණි.
‘මගෙන් පටන්ගමු – ජයගමු ශ්‍රී ලංකා’ – ‘ස්මාට් වැඩ්ඩන්’ ජනතා ජංගම සේවය සඳහා දිස්ත්‍රික්කයේ රැකියා සහ විදේශ රැකියා අපේක්ෂිත බොහෝ දෙනෙකුගේ ඉහළ ප්‍රතිචාර ලැබිණි.
වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී “මෙතන ඉන්න වෘත්තීය පුහුණුව නැති, වෘත්තීය කරන අයට සහතිකපත්‍ර ලබා දීමත් අපි ආරම්භ කරනවා. ඔබට සීඩා ආයතනයේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔවුන් ඔබේ දැනුම පරීක්ෂා කර සහතිකපත් ලබා දෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් සමග සාකච්ඡා කරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් සමග එක් වෙලා ඔබට ගෙවන්න සූදානම්. සහතිකය තියෙනවා නම් ලංකාවේ වැඩ කරන්න පුළුවන්. පිටරට යනව නම් සහතිකය සමග එයත් පුළුවන්. රැකියාව සඳහා බලපත්‍රයක් ලබා දීම අපි සිද්ධ කරනවා. ඔබ ඒ සඳහා වියදම් කරන්න ඕන නෑ. ඒ සඳහා වන වියදම රජය, ජාත්‍යන්තර සංවිධාන, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දරන්න සූදානම්. මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන කිව්වේ. අනෙක් ක්ෂේත්‍රවල අයටත් තමන්ගේ සහතික ගන්න ඕන මුදල් ගෙවීම අපි සම්පාදනය කරනවා. මේ මුලපිරීමක් විතරයි. ” යනුවෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලු දෙනාගේ ශ්‍රමයට ගරුත්වයක් ලබා දෙමින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් 246කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, පාසල් සිසුන් 364කට පාසල් උපකරණ සහ විගමණික ශ්‍රමික පවුල් 100කට රුපියල් දසදහසකට වටිනාකමකින් යුත් සතොස වවුචර් ලබාදීම සිදු කෙරිණි.

විදේශ රැකියා කරමින් සිට මෙරටට පැමිණ ස්වයං රැකියාවල නියුතු විගමණික ශ්‍රමිකයින් 12 දෙනෙකු, මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර සිදු කරන විගමණික ශ්‍රමිකයන් 9 දෙනෙකු සඳහා සඳහා රුපියල් පනස් දහස බැගින් වූ ආධාර දීමද, ආබාධිත විගමණික ශ්‍රමිකයෙකු සඳහා රෝද පුටුවක් සහ ඇස් කණ්නාඩි 32ක් ලබා දීමද එහිදී සිදු කෙරිණි. විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් තුළ සුහුරු පන්ති කාමර ස්ථාපිත කිරීමට අවශ්‍ය ස්මාට් බෝඩ් 30ක් පිරිනැමීමටද කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාව තුළ අවිධිමත් අංශයේ වෘත්තීන්වල නියුතු පිරිස හට වෘත්තීය ගරුත්වයත්, ආරක්ෂාවත් ලබා දීමට ආරම්භ කළ ‘ගරුසරු’ වැඩසටහන යටතේ ණ්VQ සහතික ලබා දීමද සිදු කෙරිණි. මෙම ජංගම සේවා වැඩසටහනට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචිකාරයින් වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක්ද සංවිධානය කරනු ලැබ තිබිණි.
‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ දෙවන දිනයේදී මෙරට තරුණ ප්‍රජාව ස්මාට් වැඩ්ඩන් කිරීම අපේක්ෂා කරගත් ‘ස්මාට් යූත් ක්ලබ්’ පිහිටුවීම සිදු කෙරුණ අතර එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව දීප ව්‍යාප්තව තරුණ තරුණියන් දස දහසකට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරිණි. දෙවැනි දින වැඩසටහනට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට ප්‍රධානී ජොනී සිම්ප්සන් මහත්මියද එක්ව සිටියහ.

මාර්තු 16 – 17 දෙදින තුළ පැවැත්වෙන පුලතිසිපුරවර ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ගේ සමාජ ආරක්ෂණය හා ගරුත්වය සහතික කරන ‘ගරු සරු’ වැඩසටහන පොළොන්නරුවේදීද ක්‍රියාත්මක වීම සිදු කෙරේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදීද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් සිසුන්ට පාසල් උපකරණ, විගමණික ශ්‍රමික පවුල් වෙත රුපියල් දසදහසක වටිනාකමකින් යුත් සතොස වවුචර් ලබාදීම යනාදී සුභසාධන කටයුතු සිදු කිරීමට කටයුතු යොදා තිබේ. මීට ඉහත ක්‍රියාත්මක කළ පරිදි ස්වයං රැකියාවල නියුතු විගමණික ශ්‍රමිකයින්, මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර සිදු කරන විගමණික ශ්‍රමිකයන්ට ආධාර සහ ආබාධිත විගමණික ශ්‍රමිකයින්ට රෝද පුටු ඇස් කණ්නාඩි මෙන්ම මූල්‍ය ආධාර ලබා දීමද පොළොන්නරුවේදී සිදු කෙරේ. විදේශ රැකියා අවස්ථා, විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් උපකරණ මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සහතික කරන වැඩසටහන් පෙර පරිදිම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
‘ජයගමු ශ්‍රී ලංකා’ අනුරාධපුරයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර සහ කුරුණෑගල නගරවල මේ වන විට පැවැත්වුණ වැඩසටහන් සියල්ල මේ දක්වා අති සාර්ථකව පැවැත්විණි. ඒ අනුව එළඹෙන පුලතිසි පුරවර වැඩසටහනද අති සාර්ථක එකක් වනු ඇති.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

1 week ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

1 week ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

2 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

4 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

4 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

4 weeks ago