දේශීය

යළි වාහන ආනයනය කිරීම ගැන ජනපතිගේ ප්‍රකාශය

යළි වාහන ආනයනය සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වා සිටියා.

ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

“යුනයිටඩ් යූත් තරුණ එකමුතුව” “තරුණ අපේ ආනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවා.

මෙම වසරේදී පෞද්ගලික වාහන ආනයනය ලිහිල් කිරීමට අවධානය යොමු කරනවාද? යනුවෙන් ඇසූ ප්‍රශ්නයට ජනාධිපතිවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරක්..

“ලබන වසරේ සිට අපි එය ක්‍රමානුකූලව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ මම දැනුවත්. නමුත් තවමත් අපගේ ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නැහැ. අපි මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට ඉඩ දී තිබෙනවා. මොටර් රථ ආනයනයනය සිදු වුවහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ලබන වසරේ සිට පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වසරේ සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට අප අවසර දී තිබෙනවා.“

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

5 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago