දේශීය

පොලිස් උප පරීක්ෂකවරයෙකු සිවිල් පුරවැසියන්ට වැඳ සමාව ගනී

2021 වසරේ කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු අභියාචනාධිකරණය හමුවේ සිංහල ක්‍රමයට වැඳ ආචාර කර සමාව ලබාගෙන තිබෙනවා.

ඒ නීතිඥවරයා සහ අදාළ පුද්ගලික ආයතනයේ මානව සම්පත් කළමනාකරණාකරු සහ සහකාර මානව සම්පත් කළමණාකරුගෙන්.

අදාළ පුද්ගලික ආයතනය තුළ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් සිදුවන අතරතුර සිවිල් ඇඳුමින් සැරසී ගිනි අවියක් අතැතිව තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ බලහත්කාරයෙන් එම ආයතනයට ඇතුළු වීම සම්බන්ධයෙන් ගොනුකර තිබුණු පෙත්සමේ පළවෙනි වගඋත්තරකරු ලෙස අදාළ උප පොලිස් පරීක්ෂකවරයා නම් කර තිබුණා.

නඩුව කැඳවූ අවස්ථාවේ දී විනිසුරු මඩුල්ල පවසා ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව ගැන තිබෙන මහජන විශ්වාසය කඩා වැටී ඇති බවයි.

මෙය අධිකරණය විසින් පොලිසියට කරන අපහාසයක් නොවන බවත් ඇත්තටම මෙය කණගාටුවට ලක්විය යුතු කාරණයක් බවත් විනිසුරු මඩුල්ල පවසා තිබෙනවා.

පොලිස් නිලධාරීන් වැටලීම්වලට යාමේදී නිල ඇඳුම සහ නිල හැඳුනුම්පත භාවිත කළ යුතු බවත් විනිසුරු මඩුල්ල පෙන්වා දෙනවා.

මේ අතර නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු සහ කොස්තාපල් නිලධාරීන් දෙදෙනෙකු අධිකරණය ඉදිරියේ දී පුරවැසියෙකුගෙන් වැඳ සමාව ගත්තේ මීට සති දෙකකට පමණ පෙරදී.

>> https://web.facebook.com/NewsfirstSL/posts/807874068046972

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

18 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

19 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago