දේශීය

පොලිස් උප පරීක්ෂකවරයෙකු සිවිල් පුරවැසියන්ට වැඳ සමාව ගනී

2021 වසරේ කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු අභියාචනාධිකරණය හමුවේ සිංහල ක්‍රමයට වැඳ ආචාර කර සමාව ලබාගෙන තිබෙනවා.

ඒ නීතිඥවරයා සහ අදාළ පුද්ගලික ආයතනයේ මානව සම්පත් කළමනාකරණාකරු සහ සහකාර මානව සම්පත් කළමණාකරුගෙන්.

අදාළ පුද්ගලික ආයතනය තුළ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් සිදුවන අතරතුර සිවිල් ඇඳුමින් සැරසී ගිනි අවියක් අතැතිව තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ බලහත්කාරයෙන් එම ආයතනයට ඇතුළු වීම සම්බන්ධයෙන් ගොනුකර තිබුණු පෙත්සමේ පළවෙනි වගඋත්තරකරු ලෙස අදාළ උප පොලිස් පරීක්ෂකවරයා නම් කර තිබුණා.

නඩුව කැඳවූ අවස්ථාවේ දී විනිසුරු මඩුල්ල පවසා ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව ගැන තිබෙන මහජන විශ්වාසය කඩා වැටී ඇති බවයි.

මෙය අධිකරණය විසින් පොලිසියට කරන අපහාසයක් නොවන බවත් ඇත්තටම මෙය කණගාටුවට ලක්විය යුතු කාරණයක් බවත් විනිසුරු මඩුල්ල පවසා තිබෙනවා.

පොලිස් නිලධාරීන් වැටලීම්වලට යාමේදී නිල ඇඳුම සහ නිල හැඳුනුම්පත භාවිත කළ යුතු බවත් විනිසුරු මඩුල්ල පෙන්වා දෙනවා.

මේ අතර නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු සහ කොස්තාපල් නිලධාරීන් දෙදෙනෙකු අධිකරණය ඉදිරියේ දී පුරවැසියෙකුගෙන් වැඳ සමාව ගත්තේ මීට සති දෙකකට පමණ පෙරදී.

>> https://web.facebook.com/NewsfirstSL/posts/807874068046972

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago