අරගල සමයේ 2022 වසරේ ජූලි 09 වනදා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අනවසරෙන් ඇතුළු වී එහි තිබූ බෝතලයක් තුළ වූ රුවල් නැවක ආකෘතියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකුට මාස 6ක බරපතල වැඩ සහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවන පරිදි නියම කර තිබෙනවා.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩු පවරා සැකකරු විසින් වරද පිළි ගැනීමෙන් අනතුරුවයි.
මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ ඇඹිල්ලවත්ත පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට යි.
මේ අතර එදින ම වික්‍රමසිංහ මහතාගේ නිවසට අනවසරෙන් ඇතුළුව ලෝහමය හක් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට අබේරත්න මාවත, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.
ඒ වසරක බරපතල වැඩ සහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවන පරිදියි.
ඔහුට රු 1,500ක දඩයක්ද නියම කර ඇති අතර, එය නොගවෙන්නේ නම් මාසයක බරපතළ වැඩසටහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.
නඩු පවරා සැකකරු විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට මෙලස දඬුවම් නියම කර තිබෙනවා.


