Saturday, September 12, 2026
Homeදේශීයඇල්පිටිය PHI ගේ ඝාතකයන් තවමත් නිදැල්ලේ?

ඇල්පිටිය PHI ගේ ඝාතකයන් තවමත් නිදැල්ලේ?

ගාල්ල කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඊයේ (26) උදෑසන නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වුණා.

එම ඝාතනයට හේතුව මේ වන විටත් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ උදෑසන 7.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

ඇල්පිටිය, පතිරාජ වත්ත ප්‍රදේශයේ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් මිය ගියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඩී. රොෂාන් කුමාර මහතා යි.

51 හැවිරිදි ඒ මහතා දරුවන් තිදෙනෙකු ගේ පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පළ කළේ මෙවන් අදහසක්.

READ:   සුමිත්‍රා පීරිස් මහත්මිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්