දේශීය

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට (23) යෙදී තිබෙනවා.

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් කිහිපයක්ම සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පොහෝ දිනය සැලකෙනවා.

සංඝ සම්මේලනයක් පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම රජගහනුවර වේළුවනාරාමයේදී සිදුවූ බව ශාසන ඉතිහාසයෙහි සඳහන්.

එමෙන්ම ඕවාද ප්‍රාති මෝක්ෂය දේශනා කිරීම සිදුව ඇත්තේ ද අද වැනි දිනක යි.

බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මාසයකට ප්‍රථම ආයු සංස්කාරය ඇත්හැරීම නවම් පුර පසළොස්වක පොහෝ දිනයක සිදුව තිබෙනවා.

නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කෙරෙනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago