දේශීය

ජනපති එක්ක සෙල්ෆි ගන්න සිසුන්ගේ උනන්දුව

නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට පත්කර නවීන විෂයානුබද්ධ පාඨමාලා හඳුන්වා දීමට සැලැසුම් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අද (22) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සිසු දරුවන් සමඟ කතා බහකට එක්වෙමිනි.

file

දිවංගත ලලිත් ඇතුළත්මුදලි මැතිතුමන්ට උපහාර පිණිස දරු දැරියන්ගේ සුබසිද්ධිය පිණිස ගොඩනංවන ලද මෙම ආයතනය මේ වන විට ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන අතර මෝටර් කාර්මික ඇතුළු වෘත්තීය තාක්ෂණ පාඨමාලා, තොරතුරු තාක්ෂණය, සැලසුම් සහ ත්‍රිමාණකරණය, භාෂා පාඨමාලා, පෙර පාසල් පුහුණු පාඨමාලා, රූපලාවණ්‍ය ශිල්පය ඇතුළු නවීන වැඩ ලෝකයට අවශ්‍ය පාඨමාලා රැසක් මෙහි පවත්වාගෙන යනු ලබයි.

file

පාඨමාලා පැවැත්වෙන පන්ති කාමර වෙත පැමිණ සිසුන්ගේ අධ්‍යාපන සහ සුබසාධන කටයුතු පිළිබද සොයා බැලූ ජනාධිපතිවරයා සිසුන් සමඟ කෙටි කථාබහකට එක්වෙමින් ඔවුන් නැඟු ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු ලබා දුන්නේය.

නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ඇති අවස්ථාව පිළිබඳ තරුණයෙකු මතු කළ ප්‍රශ්නයට පිළිතුර දුන් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට වේගවත් ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බවත් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්ය.කෙසේ වෙතත් දිනෙන් දින වෙනස් වන නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා පැවසීය.

පෙර පාසල් පාඨමාලාව වැඩිදුර හදාරා තමන්ගේම පෙර පාසලක් පවත්වාගෙන යාමට අපේක්ෂාවෙන් පසු වන බවත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසා දෙන ලෙසත් මෙහි පෙර පාසල් පාඨමාලාව හදාරන සිසුවියක විසින් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ පෙර පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළේදී ඒ පිළිබඳවද අවධානය යොමු කරන බවයි.

file

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති විශේෂ ආරාධිතයන්ගේ සමරු සටහනක් පොතෙහි සටහනක්ද තැබූ ජනාධිපතිවරයා සිසුන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

අනතුරුව සිසු දරුවන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරුප කිහිපයකට එක්වීමට ද අමතක නොකළේය.

file
file

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, ජනාධිපති තරුණ හා තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ රන්දුල අබේධීර, ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන භාර නිලධාරි බී. එම්. රනිල්, සහකාර නිලධාරි සුමිත් ප්‍රියශාන්ත යන මහත්වරුන් සහ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago