දේශීය

යුක්ති ට මාස 02 යි. බස්නාහිර පළාතේ විශේෂ සෝදිසි මෙහෙයුමක්.

2023.12.17 දිනෙන් ආරම්භ කර දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්ති මෙහෙයුමට සමගාමීව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (18) අළුයම බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළා.

මෙහිදි බස්නාහිර පළාතේ සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ බවයි පොලිසිය පැවසුවේ.

මෙම සෝදිසි මෙහෙයුම සදහා පොලිස් නිළධාරීන් 2,253 ක්, ත්‍රිවිද හමුදා නිළධාරීන් 1,112 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් 219 ක් යොදවා තිබෙනවා.

එසේම, මෙහෙයුමේදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 11 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව සඳහන්.

මේ අතර නිවාස සෝදිසි කිරීම් වලදී කඩු 06, මන්නා 01, කිනිසි 01, තහනම් පිහි 02 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පහත දක්වා ඇති පරිදි මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සොයා ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

හෙරොයින් 322g
අයිස් 111g
ගංජා 160 g
ඈෂ් 13g
නීති විරෝධී මත්පැන් 21,750ml
නීතිවිරෝධී සිගරට් 855

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago