දේශීය

යුක්ති ට මාස 02 යි. බස්නාහිර පළාතේ විශේෂ සෝදිසි මෙහෙයුමක්.

2023.12.17 දිනෙන් ආරම්භ කර දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්ති මෙහෙයුමට සමගාමීව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (18) අළුයම බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළා.

මෙහිදි බස්නාහිර පළාතේ සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ බවයි පොලිසිය පැවසුවේ.

මෙම සෝදිසි මෙහෙයුම සදහා පොලිස් නිළධාරීන් 2,253 ක්, ත්‍රිවිද හමුදා නිළධාරීන් 1,112 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් 219 ක් යොදවා තිබෙනවා.

එසේම, මෙහෙයුමේදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 11 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව සඳහන්.

මේ අතර නිවාස සෝදිසි කිරීම් වලදී කඩු 06, මන්නා 01, කිනිසි 01, තහනම් පිහි 02 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පහත දක්වා ඇති පරිදි මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සොයා ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

හෙරොයින් 322g
අයිස් 111g
ගංජා 160 g
ඈෂ් 13g
නීති විරෝධී මත්පැන් 21,750ml
නීතිවිරෝධී සිගරට් 855

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago