දේශීය

ශීතාගාරයක් නැතුව පෑලියගොඩ මාළු තැන්තැන්වල

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ මත්ස්‍ය ව්‍යාපාරිකයින් සදහා ප්‍රමාණවත් ශීතාගාරයක් නොමැතිවීම ධීවර අමාත්‍යංශයේ බලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපයන් මත සිදුව තිබෙන බව පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ පැවසීය.

වෙළද සංකීර්ණයට ටොන් සියයක ශීතාගාරයක් අවශ්‍ය වුවත් මේ වනවිට ඇත්තේ ටොන් තුනක ශීතාගාරයක් පමණක් බවද ටෙන්ඩර් ක්‍රියාවලියකින් හෝ පුද්ගලික සැපයුම්කරුවෙකු තෝරාගන්නැයි ධිවර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා කීවේය.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංගමය විසින් ඊයේ (14 වැනිදා) කැදවූ මාධ්‍ය හමුවට එක්වෙමින් ජයන්ත කුරේ මහතා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළද සංගමයේ ලේකම් ජයන්ත කුරේ මෙසේද කීවේය.

මේ මාළු වෙළද සංකීර්ණයේ තොග වෙළදසැල් එකසිය පනස් හතක් තියෙනවා.මේවායේ සේවකයින් දහසක් විතර සේවය කරනවා. දෛනිකව මත්ස්‍යන් කැපීමෙන් ඉවත් කර එකතු වන අපද්‍රව්‍ය එක් තැනක ගොඩගසා තිබුණා. මේකට පෑලියගොඩ නගර සභාවටත්, ධීවර සංස්ථාවටත් මෙන්ම ධීවර අමාත්‍යංශයටත් විසදුම් දෙන්න බැරිවුණා. මේ හේතුව මත අපි ධීවර අමාත්‍යංශයේද අනුමැතිය මත අපි මේ මත්ස්‍ය අපද්‍රව්‍ය කොම්පොස්ට් කරන කර්මාන්තශාලාවක් හැදුවා මිලියන 50 ක් යටකරලා. මම ඒ කර්මාන්තශාලාව පටන් ගත්තේ කවුරුත් පටන් ගන්න ඉදිරිපත් නොවූ පසුබිමකයි. එවක ධීවර ඇමතිවරයා සහ මත්ස්‍ය වෙළද සංගමයේ භාරයේ අවසරය මතයි අපි මේක පටන් ගත්තේ. මේ කර්මාන්තශාලාව ටෙන්ඩර් කරල ගන්න බැරි වුනේ මේකේ අයිතිය කාටද කියන එක ප්‍රශ්නයක්ව තිබූ නිසයි. මෙය ධීවර අමාත්‍යංශයට අයත් වූවක් බවට පස්සේ හෙලි වුණේ. අපි ධීවර අමාත්‍යංශය එක්ක නීත්‍යානුකූලව අයිතිය ගත් පසු මේ වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීමටයි සැලසුම් කරල තිබුනේ. මේ වනවිට එම කර්මාන්තශාලාවෙන් ඉවතලන මත්ස්‍ය අපද්‍රව්‍ය වලින් මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කරනවා. මේ ගැන මාධ්‍ය මගින් පසුගියදා පළවූ වාර්තාව වැරදි විදිහටයි පලවෙලා තිබුණේ. ධීවර සංස්ථාව භූමියේම ශීතාගාර ටෙන්ඩරයක් මිළදී ගෙන එය කරගෙන යාමට අපහසුවී සිටින පාර්ශවයක් විසින් කරවා තිබෙනවා.

ඒ වගේම පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය ඉදිකිරීමේදී හොද ශීතාගාර පද්ධතියක් තිබුණත් ඒවා පසුකාලයේ අබලන් වී තිබුණා. මේ අනුව ශීතාගාර පවත්වාගෙන යාම පතුරු අයිස් යන්ත්‍රාගාරයක් ඉදිකිරීම හා පවතින යන්ත්‍රාගාරය පිළිසකර කිරීම පුද්ගලික සමාගමකට ටෙන්ඩර් වශයෙන් ලබාදී තිබුණත් ඒ සමාගම නිසි පරිදි ඒ ටෙන්ඩරය පවත්වාගෙන ගියේ නැහැ. මේ වනවිට මත්ස්‍ය ව්‍යාපාරිකයින්ට මත්ස්‍යන් ගබඩාකරගන්න ශීතාගාර නැහැ. තියෙන්නේ ටොන් තුනක ශීතාගාරයක්. මේ ශීතාගාරය ප්‍රමාණවත් නැහැ. මේ නිසා ලොරී රථවල සහ පුද්ගලික අංශවල ශීතාගාර වල මත්ස්‍යන් ගබඩා කිරීමට සිදුවෙලා තිබෙනවා. එයත් එක් අතකට මත්ස්‍ය මිළ එහා මෙහා යාමට හේතුවී තිබෙනවා.

අපි ධීවර ඇමතිවරයාගෙන් ඉල්ලනවා. මේ ශීතාගාර පද්ධතිය පවත්වාගෙන යන්න පුළුවන් පුද්ගලික සැපයුම්කරුවකුට මෙය ලබාදෙන්න කියලා. ධීවර අමාත්‍යංශයේ හිටපු නිලධාරීන් පිරිසක් තමයි මේ සමාගමට මේ අවිධිමත් ටෙන්ඩරය ලබාදීලා තියෙන්නේ. මේ ටෙන්ඩරය ලබාගත් පාර්ශවයෙන් වැඩක් නොවන තත්වයක දැන් ඔවුන් මත්ස්‍ය වෙළද සංකීර්ණයේ අප සද්භාවයෙන් කරගෙන යන කර්මාන්තශාලාව ගැනද වැරදි ප්‍රචාර පතුරනවා. ඒ වගේම මේ සදහා උඩගෙඩි ලබාදී තියෙන්නේ කොටි සංවිධානය වැළලූ රත්‍රන් ගොඩගන්න ගියා කියන මහණ වී සිට සිවුර අත්හැර ආ ධීවර ඇමතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක්. මීට අමතරව අපි තවත් ඉල්ලීමක් කරනවා මත්ස්‍ය වෙළද සංකීර්ණයට ප්‍රමාණවත් රථගාලක් ලබාදෙන්න කියලා යැයිද ලේකම්වරයා කීවේය.

Recent Posts

Celebrating the next generation of Sri Lankan leaders and thinkers!

Deputy High Commissioner Gabrielle Isaak was delighted to serve as a judge at The Colombo…

8 hours ago

අමෙ­රි­කා­වෙන් නාවික හමු­දා­වට ‘Fleet Broadband’ චන්ද්‍රිකා සන්නි­වේ­දන පද්ධ­ති­යක්–වටි­නා­කම ඩොලර් මිලි­යන 4කට ආස­න්නයි

ශ්‍රී ලංකා නාවික හමු­දාවේ මෙහෙ­යුම් ධාරි­තාව සහ සන්නි­වේ­දන සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින්, අමෙ­රිකා එක්සත් ජන­ප­දය…

22 hours ago

Sri Lanka Strengthens Tourism Cooperation with Russia at the VI International Tourism Forum “Let’s Travel! 2026”

To strengthen cooperation in the tourism sector, Prof. Ruwan Ranasinghe, Deputy Minister of Tourism, participated…

1 day ago

Sri Lankan coconut-based products showcased in the Netherlands

The Coconut Development Authority of Sri Lanka, together with the Embassy of Sri Lanka in…

1 day ago

නිල්වලා ලවණ බාධකයෙන් වගා පාඩුවූ ගොවීන්ට වන්දි

නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ…

3 days ago

අස්වැසුම දෙවන අදියරේ ජුනි මස දීමනාව අද බැංකු ගිණුම්වලට…

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක…

3 days ago