වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (15) උදෑසන 6.30න් අවසන් වෙනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ඒ බව සඳහන් කළා.
තම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන බවට සෞඛ්‍ය ලේකම්වරයා ලිඛිතව දැනුම්දීමෙන් පසු සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.


