දේශීය

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අනතුර සැක අතට?

රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විමර්ශනයක් පවත්වනවා.

ඒ අනුව කටුනායක අධිවේගී මාර්ගයේ අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන් ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු වාහනයක් ඉස්සර කර නොමැති බව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකළ විමර්ශනවලින් තහවුරු වී ඇති බව වාර්තා වෙනවා.

ඒ සනත් නිශාන්ත මහතාගේ බිරිඳ එම අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති පසුබිමක යි.

මේ අතර අමාත්‍යවරයා ගමන් කළ සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා ඊයේ (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

මීට පෙර සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගේ වාහනයේ රියදුරු පොලිසියට පවසා තිබුණේ ඔවුන් ගමන් ගත් වාහනය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යමේ දී පිටුපසින් වේගයෙන් පැමිණි සුදු පාට මෝටර් රථයක් තමන් පදවමින් සිටි රථය ඉස්සර කිරීමේදී අනතුරක් වළක්වා ගැනීම සඳහා රථය වමට කපන අවස්ථාවේ දී කන්ටේනර් රථයේ ගැටී මෙම අනතුර සිදුවූ බවයි.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago