file
රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විමර්ශනයක් පවත්වනවා.
ඒ අනුව කටුනායක අධිවේගී මාර්ගයේ අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන් ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු වාහනයක් ඉස්සර කර නොමැති බව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකළ විමර්ශනවලින් තහවුරු වී ඇති බව වාර්තා වෙනවා.
ඒ සනත් නිශාන්ත මහතාගේ බිරිඳ එම අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති පසුබිමක යි.
මේ අතර අමාත්‍යවරයා ගමන් කළ සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා ඊයේ (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
මීට පෙර සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගේ වාහනයේ රියදුරු පොලිසියට පවසා තිබුණේ ඔවුන් ගමන් ගත් වාහනය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යමේ දී පිටුපසින් වේගයෙන් පැමිණි සුදු පාට මෝටර් රථයක් තමන් පදවමින් සිටි රථය ඉස්සර කිරීමේදී අනතුරක් වළක්වා ගැනීම සඳහා රථය වමට කපන අවස්ථාවේ දී කන්ටේනර් රථයේ ගැටී මෙම අනතුර සිදුවූ බවයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…