file
ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම මෙරටට අතිශය වැදගත් බවත් එම සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් වර්ධණය කිරීමට පියවරගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිදහස් දිනය නිමිත්තෙන් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මෙම සැමරුම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හී ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි විදේශ තානාපති කාර්යාල 120 ක පමණ ප්‍රධානීහූ එක්ව සිටියහ.
මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස අජ්මාන් රාජකීය පවුලේ සාමාජිකයෙකු වන ෂෙයික් හුමයිඩ් බින් රෂීඩ් අල් නුඅයිමි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන කටයුතු සඳහා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා සහකාර අමාත්‍ය සුල්තාන් අල් ෂම්සි එක් වූහ.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවට සහ එහි ගෝලීය හවුල්කරුවන්ට ප්‍රතිලාභ ලැබිය හැකි සහයෝගීතා සඳහා නව අවකාශයක් නිර්මාණය කිරීමට අමාත්‍යවරයා එහිදී සමත්විය.
උත්සවයේදී ශ්‍රී ලංකාවේ ආහාර ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙනයමින් පැමිණ සිටි අමුත්තන්ව මෙරට ආහාර වලින් සංග්‍රහ කිරීමට පියවර ගෙන තිබිණි. මේ අතර මෙරට ප්‍රවීන නර්තන කණ්ඩායමක් වන චන්දන වික්‍රමසිංහ සහ නර්තන ශිල්පීන්ගේ සංසදය සාම්ප්‍රදායික සංගීත සහ සංස්කෘතික ප්‍රසංග වලින් උත්සවය වර්ණවත් කිරීමට සමත්විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා මෙහිදී අදහස් දැක්වමින් අවධාරණය කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රබෝධමත් වෙමින් අභියෝග මධ්‍යයේ සෞභාග්‍යය සහ සාර්ථකත්වය සඳහා කැපවී සිටින මාවතක ගමන් කරන බවයි.
: කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…