දේශීය

ගාමිණි ජයවික්‍රමගේ පුතා සජිත්ගෙන් ඉවත් වී රනිල්ට එකතුවෙලා – Gamini Jayawickrama’s son left Sajith and joined Ranil

සමගි ජන බලවේගයේ කටුගම්පොල ආසනයේ ආසන සංවිධායක ධුරය හෙබවූ අසංග ජයවික්‍රම පෙරේරා මහතා අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණා.ඒ අනුව අද සිට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ ආසන සංවිධායක වරයා ලෙස කටයුතු කරනු ඇති.
ජනාදිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම අනුව යමින් ඔහුගේ ඉදිරිකටයුතු සදහා සිය සංවිධාන ශක්තිය ලබාදීම අසංග පෙරේරා මහතාගේ අරමුණයි.

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සදහා කුරුණෑගල කටුගම්පල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දැඩි ලෙස රෝගාතුරව සිටින හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා කුරුණෑගල පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියා.

එහිදී ජනාධිපතිවරයාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

1941 වසරේ දී උපත ලැබූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා.
ගාමිණී ජයවික්‍රම පෙරේරා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙක් . කුරුණගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඔහු 2013 වසර දක්වා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.

2001 දෙසැම්බර් සිට 2003 නොවැම්බර් දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්
2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා – ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත්
2015 සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත්
2017 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා ‘‘බුද්ධ ශාසන’’ අමාත්‍යවරයා ලෙසත් රටට ඉමහත් සේවයක් ඉටුකළ ඔහුව අදටත් ජනතාව සිහිපත් කරන්නේ ඉතාමත් ආදරයෙන් සහ හද පිරි ගෞරවයෙන්.
පසුව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වය වෙනුවන් ද ගාමිණී ජයවික්‍ර පෙරේරා මහතා නොපිරි හෙලා වැඩ කටයුතු කල පුද්ගලයෙක්.

මෙවන් පසුබිමක සිය පියාගේ අඩිපාරේ යමින් අසංග ජයවික්‍රම මහතා කටුගම්පල ආසනයේ ජනතාවගේ අභිවුර්දිය වෙනුවෙන් කටයුතු කිරීමට සුදානමින් සිටිනවා.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago