විදේශීය

ජයගත්තේ තමන් බව ඉම්රාන් ඛාන් කියයි.

සිරගත කර සිටින පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහ මැතිවරණයෙන් ජයග්‍රාහණය කළ බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම ජයග්‍රාහණය සමරන ලෙසයි ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ.

පාකිස්තාන මහමැතිවරණයේදි සිරගත වී සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ස්වාධීන අපේක්ෂකයන් ඉදිරියෙන් සිටින බව විදෙස් වාර්තා පවසනවා.

ඒ ආසන වැඩි සංඛ්‍යාවක් ජයග්‍රාහණය කරමින්.

මැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් වාර්තා පවසන්නේ, සමස්ත බහුතරයක් දිනා ගැනීමට කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් සමත්ව නැති බවයි.

මේ අතර ඡන්ද ප්‍රතිඵල විකෘති කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වන බවට විරුද්ධ පක්ෂ චෝදනා එල්ල කර ඇති බවද සඳහන්.

ඊයේ උදෑසන වන විට සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ යුතු වුවද, ඊයේ පස්වරුව වන විටත් නිකුත් වී ඇත්තේ 50%ක් පමණ ඡන්ද ප්‍රතිඵල බවයි පාකිස්තාන මාධ්‍ය පවසන්නේ.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

19 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

19 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago