දේශීය

ලංකාවෙන් හමු වූ විශාලතම සෙල්ලිපියේ සටහන්ව තිබූ කතාව

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් ඊයේ එළිදැක්වීය.

ඒ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණි.

මෙම සෙල්ලිපියේ පිටපත් අනුව එය ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ අතර එම සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් හමුවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

එසේම අදාළ ශිලා ලේඛනයේ සැලකියයුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත් එය සමස්ත ලේඛනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 60ක් පමණ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ඉතිරි සියයට 40කට කොටස අතරින් හඳුනාගෙන ඇති අක්ෂර පේළි අනුව දළ අර්ථයක් සකස්කරගැනීමට හැකි වූ බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහි බ්‍රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

භික්ෂූන් වහන්සේලාට ජලය අත්‍යවශ්‍ය වන බැවින් එම කඳු මුදුනට ජලය සැපයීමක් ගැනද එම ශිලා ලේඛනයේ සටහන්ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.

මේ අතර ස්වාමීන් වහන්සේලාට ලෙනක් පූජා කිරීම ගැනත් දාගැබක් කරවා පූජා කිරීම පිළිබඳවත් මෙම සෙල් ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

එසේම සංඝයා වහන්සේ ගැන භක්තිවන්තයෙකු ගැන එම ශිලා ලේඛනයේ සඳහන්ව තිබී ඇත.

මේ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුව කිසියම් අස්වැන්නක බද්දක් පිළිබඳවද සටහනක් තිබූ බවට විශ්වාසය පළකරන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

බරජය නම් කුටියක් සාදවා සංඝයාට පූජා කිරීම ගැන ද මෙහි සඳහන් ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.

එහි පළමු සහ දෙවන පේළිවල සඳහන් අකුරු කියවාගැනීමට අපහසු වූ බව සඳහන් කළ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එහි දීපරාජ නම් රජ කෙනෙකු පිළිබඳව, ශිව නම් පුද්ගලයෙකු ගැන මෙන්ම බඝුබශිග නැමැත්තෙකුගේ බිරිඳ පිළිබඳව එහි සඳහන් ව ඇති බවය.

මෙම ලිපිය තුළ මැණික් ව්‍යාපාරිකයෙකු ගැන සඳහන් ව ඇති අතර එහි සිව්වැනි පේළියේ ගම්පාලක කෝලිත නමැති පුද්ගලයෙකු ගැන සඳහන්ව ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

ගම්පාලක කෝලිත නමැති පුද්ගලයා විසින් මාර්ගයක් සකස් කිරීම සම්බන්ධයෙන් එහි සටහන් ව ඇති අතර තිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සටහන් ව ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය.

සූරතිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.

මේ අතර ගම්දරුවන්ගේ ප්‍රමුඛාචාර්යවරයෙකු ගැනද තෙරුන් වහන්සේ නමක් පිළිබඳවද එහි සඳහන් ව තිබූ බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දකුණු දිශාව ගැන යම් සඳහනක් අදාළ සෙල් ලිපියේ සඳහන්ව තිබූ බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

විශාක නම් කුමාරයෙකු පිළිබඳවත් බ්‍රාහ්මණ ගමෙහි ඇති අරිය නම් වෙළෙඳ ආයතනයක් ගැන ද මෙම සෙල් ලිපියේ සඳහන්ව තිබූ බව මහාචාර්යවරයා පවසයි.

2023 වසරේ ජූලි මස 10 වනදා මෙම සෙල්ලිපිය හඳුනාගනු ලැබීය.

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

9 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

9 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

9 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

10 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

11 hours ago