Wednesday, April 15, 2026
Homeදේශීය''Rise Up'' පෙරළිකාර තාරුණ්‍යයේ රැඩිකල් නවාතැන

”Rise Up” පෙරළිකාර තාරුණ්‍යයේ රැඩිකල් නවාතැන

‘ Rise Up නම් පෙරළිකාර තාරුණ්‍ය සංවිධානයේ මූලාරම්භය පසුගිය ජනවාරි 26 දා සිදුවිය. මෙම එකමුතුව, ප්‍රගතිශීලී තරුණ පරපුරක මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් ජීවිතය සැමරීමටත්, ඔවුන්ගේ දූරදර්ශී දැක්ම බෙදා ගන්නා ඕනෑම කෙනෙකුට එහි දොරටු විවර කිරීමේ අරමුණිනුත් පසුගියදා කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන ලදී.

file

Rise Up හි ඒකායන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව පුරා ශක්තිමත් ජාලයක් ඇති කර ගනිමින් රටේ වඩාත්ම වැදගත් තරුණ ව්‍යාපාරය බවට පත් වීමය. එහි පළමු පියවර සනිටුහන් කරමින් ශ්‍රී ලංකේය තාරුණ්‍යයේ රට පුරා විහිදී පැතිරී සිටින තරුණ සංවිධාන, ව්‍යාපාර සංගම්, සමාගම් සහ වඩාත් ආකර්ශනීය තාරුණ්‍යයේ ජනප්‍රිය ගායක ගායිකාවන්, රංගන ශිල්ප ශිල්පිනියන්, මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍යයේ පෙරළිකාර චරිත, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (Influencers), වෙළඳ ප්‍රචාරණ සහ චිත්‍රපට කර්මාන්තයේ ප්‍රවීණයන් රාශියක් එකට එක් කරමින් සිය කේන්ද්‍රස්ථානය වන ‘Rise Up Plug’ මධ්‍යස්ථානය විවෘත කෙරිණි.  එම රාත්‍රියේ විනෝදාස්වාදය සපයන ලද්දේ ශ්‍රී ලංකාවේ නැගී එන ‍සංගීත කණ්ඩායමක් වන ‘Mid Lane’ විසින් වන අතර දක්ෂ කලාකරුවන් රැසක් එහිදී ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සිදු කළහ.

file

නිර්මාණශීලි තාරුණ්‍යයේ පෙරළිකාර අනාගත ඉලක්ක ජයග්‍රහණය කිරීම සඳහා මෙම ‘Rise Up Plug’  මධ්‍යස්ථානය හරහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කෙරෙණු ඇති බව එහි තරුණ කළමනාකාරීත්වය නිවේදනය කරයි. ඒ අනුව අතිශය ආකර්ශනීය නව්‍ය කරණයන්ගෙන් සමන්විත Rise Up Plugමධ්‍යස්ථානය තරුණ පරපුරට සිය  නිර්මාණාත්මක හැකියාවන් එළි දැක්වීම සඳහා වේදිකාවක් සේම, සිය ව්‍යවසායකත්ව හැකියාවන් ප්‍රචලිත කිරීම සඳහා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම විවිධ ක්ෂේත්‍රයන් හි විවිධ වූ උත්සව, පුහුණු සැසි ආදී බහුවිධ කාර්යසාධන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමේ අවස්තාව ඇත.

file

ඒ අනුව ‘Rise Up Plug’ වෙත ප්‍රවේශය සියලුම ‘Rise Up’ සාමාජිකයින්ට පමණක් ලබා ගත හැකි අතර, එහි පරිපාලන කණ්ඩායම ස්ථානය වෙන්කිරීම් විමසීම් හසුරවයි. ‘ Rise Up ‘ හි අරමුණු සහ මෙහෙවරයන්‌ට ගැළපෙන සිද්ධි (Events) සඳහා මෙම ස්ථානය වෙන් කරනු ලැබේ.

READ:   හිටපු කථානායක කරු ජයසූරිය “ශ්‍රී ලංකාභිමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
file

විනෝදාස්වාදය, පරිසරය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ව්‍යවසායකත්වය යන තරුණයින්ගේ ක්ෂේත්‍රයන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමට ප්‍රධාන අංශ පහක් ඉලක්ක කර ගනිමින් ‘Rise Up’ සිය මෙහෙවර උපාය මාර්ගිකව ගෙනහැර දක්වා ඇති අතර මෙම ක්ෂේත්‍ර තුළ ඉලක්කගත ව්‍යාපෘති හරහා, තරුණයින්ගේ කුසලතා ඉහළ නැංවීමට පහසුකම් සැලසීම සහ අත්‍යවශ්‍ය අරමුදල් රැස්කිරීම සංවිධානයේ අරමුණයි.

‘Rise Up’ විමසීම් සඳහා  Hotline – 0711623632.

file
file
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්