දේශීය

“2024 ඉන්දියාවේ ජාත්‍යන්තර සංචරණ ප්‍රදර්ශනයේ (Bharath Mobility Expo 2024) විශේෂ ආරාධිතයකු වූ ඇමති බන්දුල.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන “2024 භාරත් ජාත්‍යන්තර සංචරණ ප්‍රදර්ශනයේ (Bharath Mobility Expo 2024) විශේෂ ආරාධිතයකු ලෙස ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව තිබෙනවා.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ඉන්දියානු සහ ජාත්‍යන්තර මෝටර් රථ වාහන නිෂ්පාදන සහ ව්‍යවසායක ක්ෂේත්‍රයේ ආයෝජකයින්, නව නිපැයුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් තම නිෂ්පාදන සහ නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර විශේෂයෙන් විද්‍යුත් රථවාහන, උපන්ක ඇතුළු නව නිෂ්පාදන රැසක් මෙහිදී එළිදැක්වීමද විශේෂත්වයක්.

ප්‍රදර්ශනයට එක් වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල සිය මෝටර් රථ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජන සිදු කර ඇති සමාගම් රැසක අති නවීන මගී ප්‍රවාහන බස් රථ ඇතුළු නව නිෂ්පාදන නිරීක්‍ෂණයටද එක්ව ඇති අතර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ප්‍රධානීන් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මහා මාර්ග ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවන් පිළිබඳව සාකච්ඡාවලද නිරත වූ බව සඳහන්.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සංචරණ ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාවේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක්වන ඉන්දීය සහ විදේශීය ආයෝජකයින්, නිෂ්පාදකයින් සහ ව්‍යවසායකයින් දායක කර ගැනීමද අමාත්‍යවරයාගේ අරමුණ බව රජයේ ප්‍රවෘත්ති අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

file
file
file
file
file

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago