දේශීය

“2024 ඉන්දියාවේ ජාත්‍යන්තර සංචරණ ප්‍රදර්ශනයේ (Bharath Mobility Expo 2024) විශේෂ ආරාධිතයකු වූ ඇමති බන්දුල.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන “2024 භාරත් ජාත්‍යන්තර සංචරණ ප්‍රදර්ශනයේ (Bharath Mobility Expo 2024) විශේෂ ආරාධිතයකු ලෙස ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව තිබෙනවා.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ඉන්දියානු සහ ජාත්‍යන්තර මෝටර් රථ වාහන නිෂ්පාදන සහ ව්‍යවසායක ක්ෂේත්‍රයේ ආයෝජකයින්, නව නිපැයුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් තම නිෂ්පාදන සහ නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර විශේෂයෙන් විද්‍යුත් රථවාහන, උපන්ක ඇතුළු නව නිෂ්පාදන රැසක් මෙහිදී එළිදැක්වීමද විශේෂත්වයක්.

ප්‍රදර්ශනයට එක් වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල සිය මෝටර් රථ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජන සිදු කර ඇති සමාගම් රැසක අති නවීන මගී ප්‍රවාහන බස් රථ ඇතුළු නව නිෂ්පාදන නිරීක්‍ෂණයටද එක්ව ඇති අතර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ප්‍රධානීන් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මහා මාර්ග ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවන් පිළිබඳව සාකච්ඡාවලද නිරත වූ බව සඳහන්.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සංචරණ ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාවේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක්වන ඉන්දීය සහ විදේශීය ආයෝජකයින්, නිෂ්පාදකයින් සහ ව්‍යවසායකයින් දායක කර ගැනීමද අමාත්‍යවරයාගේ අරමුණ බව රජයේ ප්‍රවෘත්ති අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

file
file
file
file
file

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

2 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

2 days ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

2 days ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

3 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

3 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

3 days ago