Wednesday, July 22, 2026
Homeදේශීයකූඹියෝ Live in Concert පෙබරවාරි 02 වනදා.

කූඹියෝ Live in Concert පෙබරවාරි 02 වනදා.

20 වසරක කාලයක් පුරා ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ පද රචකයෙකු, සංගීත නිර්මාණකරුවෙකු ලෙස විශිෂ්ට නිර්මාණයන් රැසක් දායද කළ අචල සොලමන්ගේ ‘කූඹියෝ’ ප්‍රසංගය පෙබරවාරි 02 වනදා පැවැත්වෙනවා.

ඒ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී.

මෙම ප්‍රසංගය සඳහා නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු නිර්මාණකරුවන් රැසක් එක්වීමට නියමිතයි.

කසුන් කල්හාර, මිහිඳු ආරියරත්න, කුෂාණි සඳරේඛා, සුරෙනි ද මෙල්, බිලී ෆර්නැන්ඩෝ, ඉමාන් පෙරේරා ද ඒ අතර වෙනවා.

ප්‍රසංගය එදින සවස 07.00 ට ආරම්භ වෙනවා.

කුහුඹු මිනිසුන්ගේ සූක්ෂම සැලසුම් සහ කර්කෂ සමාජ යථාර්ථය රොක් ශානරයේ ගීතයක් ලෙස කූඹියෝ ගීතය නිර්මාණය කළේ අචල සොලමන් විසින්.

සොලමන් විසින් සංගීතවත් කළ කූඹියෝ ගීතයෙන් ඔහු සමාජයට ආමන්ත්‍රණය කළේ සිය ගැඹුරු හඬ පෞරුෂය ද ඊට මුසු කරමින්.

READ:   මහවැලි අධිකාරියේ නිලධාරින් වැරදි දත්ත ලබා දීලා: රක්ෂිතයේ හෝටල් ඉදිකිරීම- කෝපා කමිටුව ප්‍රශ්න කරයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්