දේශීය

දකුණේ පාතාලය මෙහෙයවන කොස්ගොඩ සුජීගේ ගෝලයෝ සෙට්එක හොයන්න පොලිසිය සැරසෙයි..

2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසල පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය විමසා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු උසස් නිළධාරීන් පිරිසකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ සාකච්ඡාවක් 2024.01.23 වන අද දින උදෑසන මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පවත්වා ඇත.

මෙම මාර්ගගත සාකච්ඡාව සදහා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු උසස් පොලිස් නිළධාරීන් පිරිසක් සහභාගි වී ඇත.

මෙම වෙඩිතැබීමෙන් මරණයට පත්වු වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා නැමැති අය සහ අනෙකුත් මරණකරුවන් 2022.06.05 වන දින කුඩාවැල්ල ධීවර වරායේ අසේල සම්පත් නැමැති අය වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවට අධිකරණයේ පෙනී සිටිම සදහා තංගල්ල අධිකරණය වෙත ගමන් කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජී නැමති යන විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කලක සිට දෙපාර්ශවය අතර පවතින ගැටුම් වල ප්‍රතිපලයක් වශයෙන් මෙම වෙඩිතැබීම සිදු කර ඇතැයි අනාවරණය වී ඇත.

මෙම ඝාතනය පත්වු සමන් පෙරේරා ඇතුළු පාර්ශවය විසින් 2004 වර්ෂයේදී කොස්ගොඩ පොලිස් වසමේදී කොස්ගොඩ සුජී ගේ මාමා සහ සහෝදරයා ඝාතනය කිරීම සහ 2016 වර්ෂයේදී ගාල්ල පොලිස් වසමේදී ඔහුගේ ඥාතියෙකුද ඝාතනය කිරීමට මෙම සමන් පෙරේරා නැමැති අය සම්බන්ධ බවත්ය. එම ඝාතනයන්ට ප්‍රතිප්‍රහාරයක් ලෙස කොස්ගොඩ සුජී විසින් 2018 වර්ෂයේදී ඉදුරුව ප්‍රදේශයේදී සමන් පෙරේරා ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇතත් එම ඝාතන තැත ව්‍යර්ථ වී ඇත.

අපරාධය සිදුකිරීමෙන් පසු අංක 65 – 2615 දරණ ජීප් රථයෙන් සැකකරුවන් පළායන ආකාරය CCTV දර්ශන ඔස්සේ නිරීක්ෂණය කර, එක් සැකකරුවෙකුගේ ඡායාරූප මේ වන විටත් සොයා ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය (AFRS) වෙත සැකකරුගේ ඡායාරූපද යොමු කර ඇත.

මේ අතර, දකුණේ අපරාධ රැසකට සම්බන්ධ විදේශගතව සිටින ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායක සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජී නැමැති අයගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහාය ලබාදෙන සියලුම සහායකයින්ගේ ජාලගත විස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී ඇත.
මෙම ඝාතනය ලක්ව ඇති සමන් පෙරේරා නැමැති අයට මනුෂ්‍ය ඝාතන සම්බන්ධ අධිකරණයේ විභාග වන නඩු රැසක් පැවැති බවටත් මේවන විට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සදහා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ විමර්ශන කණ්ඩායම් 06 ක් පත් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ කාර්ය බලකාය ඇතුළු විශේෂිත අංශ කිහිපයක සහාය ද ලබාගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Recent Posts

ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…

2 days ago

සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.

ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…

2 days ago

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

2 weeks ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

2 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

3 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

1 month ago