රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහභාගී වීමට නියමිත වූ මාර්ග සංවර්ධන වැඩසටහන් අවස්ථාවකදී එල්ල වූ ජනතා විරෝධය හේතුවෙන් ඒ මහතා අතරමගින් හරවා ගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙම මාර්ග සංවර්ධන වැඩසටහන සංවිධානය කර තිබී ඇත්තේ පුත්තලම දළුව ගම්මානයේදී.
විරෝධතාව හේතුවෙන් සනත් නිශාන්ත අමාත්‍යවරයා දළුව හන්දියට පමණක් පැමිණ හැරී ගොස් ඇති බව වාර්තා වුණා.
මෙම අවස්ථාවට අමාත්‍යවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්න මහතාද සහභාගී වීමට නියමිතව තිබුණා.
එය සැල වීමත් සමග ප්‍රදේශවාසීන්ගෙන් ඔවුනට විරෝධය දක්වා තිබෙනවා.


