දේශීය

එළවළු මෙච්චර ගණන් කාලෙක වගාවක් කපා කොටා පලිගත්ත නරුමයෙක්?

කහටගස්දිගිලිය අඹගහවැව මීමින්නාවල ප්‍රදේශයේ අස්වැන්න නෙලමින් තිබූ තුඹ කරවිල වගාවක් කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් කපා විනාශ කර දමා ගොස් තිබෙනවා.

file

මෙලෙස විනාශ කර ඇත්තේ අඹගහවැව මීමින්නාවල ප්‍රදේශයේ පදිංචි ගැමුණු සාන්ත සේනාධිර තරුණ ගොවි මහතාගේ ගෙවත්තේ වගා කර තිබූ තුඹ කරවිල වගාවක්.

file

ඔහු පවුලේ ඥාතිවරයෙකුගේ දානමය පින්කමකට ගොස් අද දහවල් නිවසට පැමිණ ඇති අතර එහිදී ගොවි මහතා දැක ඇත්තේ තම වගාව කිසිවෙකු විසින් විනාශ කර ඇති බවයි.

විශාල වශයෙන් මුදල් වියදම් කොට අස්වැන්න නෙලමින් තිබූ අවස්ථාවේ කරවිල වගාව විනාශ කර ඇති බවත් කරවිල වැල් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් කපා දමා ඇති බවත් විශාල ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිදුකළ වගාව, නෙළීමට ආසන්නව තිබියදී මෙලෙස විනාශ වූ බවත් ගොවි මහතා පවසනවා.

file

ඔහු දෙව්ලොව පොලිස් ස්ථානයට ගොස් මේ සම්බන්ධව පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය මගින් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින අතර මේ වන විටත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

file

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

6 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

6 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

16 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

16 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

17 hours ago