file
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ, වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් පන්නා දැමීමට අප්‍රසන්න බියගුළු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව එම ආයතනයේ ස්වාධීන සේවක සංගමය පවසනවා.
ඒ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ස්වාධීන සේවක සංගමයේ ලේකම්වරයාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින්.
රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබා ගැනීමට දෛනිකව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැමිණෙන පන්දහසකට ආසන්න සේවා ලාභීන් නොමග යවමින් විවිධ උපක්‍රම භාවිත කර ඔවුන් රවටා අල්ලස් ගන්නා ආයතනයේ දූෂිත නිලධාරීන් පිරිසක් වත්මන් සභාපතිවරයා ඉවත් කිරීමට උත්සහ ගන්නා බවයි නිවේදනයේ සඳහන් වන්නේ.
වංචනික ලෙස කටයුතු කරන එම දුෂිත නිලධාරින් සම්බන්ධයෙන් ආයතනයේ වත්මන් සභාපතිවරයා දැඩි ලෙස ක්‍රියාමාර්ග ගැනීම ඊට හේතුව බවත් ස්වාධීන සේවක සංගමය පෙන්වා දෙනවා.
එම සංගමය නිකුත් කර ඇති නිවේදනය පහතින්,
මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් වීඩියෝව පහතින්,
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…