දේශීය

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනේ නැතිනම් රට තියෙන්නේ කොතැනද? රටම විසාලා මහනුවරක් වෙන්න තිබුණේ – මනුෂ නානායක්කාර

රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් නොවුයේ නම් පාර්ලිමේන්තුවත් ගිනි තබා, ඩොලරයත් රුපියල් දහසකට වඩා ඉහළ ගොස්, පාන් ගෙඩියක් ගන්න වීල් බැරෝවකින් මුදල් ගෙන යන රටක් බවට මේ රට පත්වීමට තිබූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

තියෙන කෙනාගෙන් උදුරාගෙන, මරාගෙන කන, විශාලා මහනුවරක් බවට පත්වීමට තිබූ රට බේරාගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත්, ඔහු නැවත වරක් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කිරීමට දේශපාලන පාට, පක්ෂ, ජාති, ආගම්, කුල භේධයකින් තොරව ජනතාව එක් රැස් කරන ජනතා වේදිකාව “යුනයිට් නැෂනල් පීපල්” හරහා ගොඩ නගා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සම්මේලයනට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේය.

අපේ රටට ඇති තරම් දේශපාලඥයින් සිටියත්, අද අවශ්‍ය වන්නේ දූරදර්ශී රාජ තාන්ත්‍රිකයෙක් බවද, අද රටේ සිටින එකම රාජ්‍ය තාන්ත්‍රිකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණක් බවද ඔහු සදහන් කළේය. ඔහු රට භාරගත් නිසා හුස්මගැනීමට හැකි රටක් නිර්මාණය කළ බවද ඔහු සදහන් කළේය.

රටේ ජනතාව අමාරුවෙන් ජීවත්වූ, බංකොලොත් යුගය අවසන් කර තිබෙන බවද, මාර්තු මාසයෙන් පසුව බඩු මිල අඩු කිරීමට හැකියාව ලැබෙන බවද පෙබරවාරි මාසයේ සිට විදුලි බිල අඩු කිරීමට හැකියාව ලැබෙන බවද අමත්‍යවරයා කීවේය.

ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක සිදුවෙමින් පවතින අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බෙදෙන්නේ නැතිව සියලු දෙනාම එකට එක්විය යුතු බවද, ඒ සදහා වන වේදිකාව “යුනයිටඩ් නැෂනල් පීපල්” හරහා ගොඩ නගා ඇති බවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපතිවරයා බවට පත් කිරීමේ ගමන ඉදිරියට යන බවද අමාත්‍යවරයා කීවේය.

මේ මස අවසානයේදී වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට කටයුතු කරන බවද, ජනාධිපතිවරයා විදේශ ගතවූයේ ඒ සදහා වන නියෝගය තමන්ට ලබාදීමෙන් පසුව බවද ඔහු සදහන් කළේය.

ඊශ්‍රාලයේ කෘෂි ක්ෂේත්‍රයේ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත කළ ආකාරයටම ඉදිරියේදී කොරියානු කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත කරගැනීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

: කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago