දේශීය

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනේ නැතිනම් රට තියෙන්නේ කොතැනද? රටම විසාලා මහනුවරක් වෙන්න තිබුණේ – මනුෂ නානායක්කාර

රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් නොවුයේ නම් පාර්ලිමේන්තුවත් ගිනි තබා, ඩොලරයත් රුපියල් දහසකට වඩා ඉහළ ගොස්, පාන් ගෙඩියක් ගන්න වීල් බැරෝවකින් මුදල් ගෙන යන රටක් බවට මේ රට පත්වීමට තිබූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

තියෙන කෙනාගෙන් උදුරාගෙන, මරාගෙන කන, විශාලා මහනුවරක් බවට පත්වීමට තිබූ රට බේරාගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත්, ඔහු නැවත වරක් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කිරීමට දේශපාලන පාට, පක්ෂ, ජාති, ආගම්, කුල භේධයකින් තොරව ජනතාව එක් රැස් කරන ජනතා වේදිකාව “යුනයිට් නැෂනල් පීපල්” හරහා ගොඩ නගා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සම්මේලයනට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේය.

අපේ රටට ඇති තරම් දේශපාලඥයින් සිටියත්, අද අවශ්‍ය වන්නේ දූරදර්ශී රාජ තාන්ත්‍රිකයෙක් බවද, අද රටේ සිටින එකම රාජ්‍ය තාන්ත්‍රිකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණක් බවද ඔහු සදහන් කළේය. ඔහු රට භාරගත් නිසා හුස්මගැනීමට හැකි රටක් නිර්මාණය කළ බවද ඔහු සදහන් කළේය.

රටේ ජනතාව අමාරුවෙන් ජීවත්වූ, බංකොලොත් යුගය අවසන් කර තිබෙන බවද, මාර්තු මාසයෙන් පසුව බඩු මිල අඩු කිරීමට හැකියාව ලැබෙන බවද පෙබරවාරි මාසයේ සිට විදුලි බිල අඩු කිරීමට හැකියාව ලැබෙන බවද අමත්‍යවරයා කීවේය.

ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක සිදුවෙමින් පවතින අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බෙදෙන්නේ නැතිව සියලු දෙනාම එකට එක්විය යුතු බවද, ඒ සදහා වන වේදිකාව “යුනයිටඩ් නැෂනල් පීපල්” හරහා ගොඩ නගා ඇති බවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපතිවරයා බවට පත් කිරීමේ ගමන ඉදිරියට යන බවද අමාත්‍යවරයා කීවේය.

මේ මස අවසානයේදී වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට කටයුතු කරන බවද, ජනාධිපතිවරයා විදේශ ගතවූයේ ඒ සදහා වන නියෝගය තමන්ට ලබාදීමෙන් පසුව බවද ඔහු සදහන් කළේය.

ඊශ්‍රාලයේ කෘෂි ක්ෂේත්‍රයේ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත කළ ආකාරයටම ඉදිරියේදී කොරියානු කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත කරගැනීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

: කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

7 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago