දේශීය

බෝධිසත්වයා යැයි කියන මහින්ද අත්අඩංගුවට

බෝධිසත්වයකු යැයි පවසමින් දේශනාවන් පැවැත්වූ මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පන්නිපිටිය ප්‍රදේශයේ දී.

මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තහනම් නියෝගයක් ද නිකුත් කළා.

ඒ ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

පසුගියදා මොහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා දවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔහුගේ අනුගාමිකයන් ඔහුට වැඳුම් පිදුම් කරන ආකාරය දැක්වෙන වීඩියෝවන් සමාජ මාධ්‍යට එක්වීමත් සමග ඔහු සම්බන්ධයෙන් සමාජයේ වඩාත් කතාබහට ලක් වුණා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago