දේශීය

ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා මිය යයි

ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ලෙස හඳුන්වන මාගල කොට්ටච්ව් නන්දියස් මහතා මියගොස් තිබෙනවා.

110 වැනි වියෙහි පසුවූ ඒ මහතා ඊයේ (12) සිය දිවිගමනට සමුදී ඇති බවයි සඳහන් වන්නේ.

1914 ජූනි මස 03 වනදා උපත ලබා ඇති නන්දියස් මහතා මෙරට ජීවත් වූ වයස්ගතම පුද්ගලයා ලෙස ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් නිල වශයෙන් සනාථ කර ඇති අතර ඔහු සිව්දරු පියෙක්.

ගහ කොළ සමග සිය දිවි පෙවත ගත කර ඇති ඒ මහතා මුළු දිවියම කැප කර ඇත්තේ කෘෂිකර්මාන්තය වෙනුවෙන්.

පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති ලිවීමට කියවීමට හැකියාව ඇති නන්දියස් මහතා ඉතා නිරෝගී දිවි පෙවෙතක් ගත කර ඇති අතර සිය පුතු පරම්පරාවෙන් සිව් මුනුපුරන් බැලීමට වාසනාවන්ත වූ පියෙකි.

ගමම ‘ලොකු අයියා’ ලෙස හඳුන්වන ඒ මහතාගේ අවසන් කටයුතු අද (13) සිදුකර තිබෙනවා.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

21 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago