දේශීය

ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා මිය යයි

ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ලෙස හඳුන්වන මාගල කොට්ටච්ව් නන්දියස් මහතා මියගොස් තිබෙනවා.

110 වැනි වියෙහි පසුවූ ඒ මහතා ඊයේ (12) සිය දිවිගමනට සමුදී ඇති බවයි සඳහන් වන්නේ.

1914 ජූනි මස 03 වනදා උපත ලබා ඇති නන්දියස් මහතා මෙරට ජීවත් වූ වයස්ගතම පුද්ගලයා ලෙස ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් නිල වශයෙන් සනාථ කර ඇති අතර ඔහු සිව්දරු පියෙක්.

ගහ කොළ සමග සිය දිවි පෙවත ගත කර ඇති ඒ මහතා මුළු දිවියම කැප කර ඇත්තේ කෘෂිකර්මාන්තය වෙනුවෙන්.

පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති ලිවීමට කියවීමට හැකියාව ඇති නන්දියස් මහතා ඉතා නිරෝගී දිවි පෙවෙතක් ගත කර ඇති අතර සිය පුතු පරම්පරාවෙන් සිව් මුනුපුරන් බැලීමට වාසනාවන්ත වූ පියෙකි.

ගමම ‘ලොකු අයියා’ ලෙස හඳුන්වන ඒ මහතාගේ අවසන් කටයුතු අද (13) සිදුකර තිබෙනවා.

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

1 day ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

1 day ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

1 day ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago