දේශීය

අලුත් අවුරුද්දේ දින හතක් ඇතුළත නුවඑරළියට විදේශ සේවා කාර්යාලයක්

විදේශ ගත ශ්‍රමිකියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සේවාවන් සැපයීම සදහා දෙමළ මාධ්‍යයෙන් කටයුතු කළ හැකි කාර්යාලයක් ලබාදෙන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය යෙදී තිබුණ පසුගිය 18 වැනිදා කළ ඉල්ලීම අනුව 2024 වසර ආරම්භ කර දින 7ක් ඇතුළත නුවරටළියට ප්‍රාදේශීය කාර්යාලයක් ලබාදෙන බවට දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරමින්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලය ඊයේ (07) දින අමාත්‍යවරයා අතින් විවෘත කළේය.

file

සිය ඉල්ලීම් ඉටු කිරීම සම්බන්ධයෙන් විදේශ ගත ශ්‍රමික පවුල්වල දරුවන් නාට්‍යයක් රග දක්වා අමාත්‍යවරයාට සිය කෘතඥතාවදය පළ කළේය.

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කළ අමාත්‍යවරයා එම කාර්යාලයේ ලියාපදිංචිය ලැබ පළමුව විදේශ ගත වන ශ්‍රමිකයා සදහා කාර්යාංශයේ ලියාපදිංචියද එම අවස්ථාවේදීම ලබාදුන්නේය.

file

නුවරඑළියේ ජනතාවට, නුවරඑළියේ ඊළග පරම්පරාවට වැඩ කළ යුතු වන්නේ ඡන්ද බලාගෙන නොවන බවත්, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් ඉටු කිරීම සදහා වන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. ජාත්‍යන්තර සංකමණිකයින්ගේ දිනය යෙදී තිබුණ දෙසැම්බර් 18 වැනිදා පැවති උත්සවයකදී විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් කළ ඉල්ලීම් පහෙන් හතරක් ඉටු කර ඇති බවත්, නුවරඑළියට දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදුන්නේ ඒ අනුව වන බවත් මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය. තමන් දරුවන්ට දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කිරීම සදහා කැපවී කටයුතු කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේය. ඔවුන්ගේ පස්වැනි ඉල්ලීම වන ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ඔහු විශ්වාසය පල කළේය.

file

නුවරඑළියට පැමිණි විට සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කළ බවද, යාපනයට ගිය විට දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය. උත්සවයේ ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශනවලින් සියයට 95ක්ම දෙමළ භාෂාවෙන් විකාශය කළ බවද සිංහල පමණක් දන්නා අයගෙන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. එහෙත් රටේ සිදුවන හැම දේම සිංහල භාෂාවෙන් පමණක් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජනතාවගෙන් කවදාවත් සමාව ඉල්ලා නොමැති බවද ඇමැතිවරයා සිහිපත් කළේය.

සිංහල රාජ්‍ය භාෂාව කරලා ජාතීන් බෙදා වෙන් කළ සියලුම දේශපාලඥයින්ට සාප වන බව පැවසූ මනුෂ නානායක්කාර මහතා ඒ බෙදීම නිසා අද දිනයේදී තමන්ට දෙමළ භාෂාවෙන් වචන කිහිපයක් කතා කිරීමට නොහැකිවී ඇති බවද කීවේය. දැන් ඉතිහාසයට චෝදනා කරමින් නොසිට අනාගතයේ සිටින පුංචි දරුවන් වෙනුවෙන් හෝ රට ගොඩ නැගිය යුතු බවද ඇමැතිවරයා සදහන් කළේය. දේශපාලඥයින් ගැනීමට අකමැති, ජනප්‍රිය නොවන තීන්දු වන බදු වැඩි කිරීම්, වැටුප් කප්පාදු කිරීම් කරමින් දැවැන්ත වෙනසක් මේ වන විට ඉටු කරමින් යන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතමින් බවද ඔහු පැවසුවේය. අනාගතය දකින නායකයාගේ අඩි පාරේ යමින් තමන්ද නුවරඑළියට පැමිණ තීන්දු තීරණ ගත් බවද ඇමැතිවරයා කීවේය.

ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමට කටයුතු කර ඇති බවද, පසුගිය වසරේදී රටට ගෙනා ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න වන බවද අමාත්‍යවරයා කීවේය. ඩොලර් බිලියන 6 සීමාව පසු කර යාමට අවශ්‍ය වන්නේ තවත් ඩොර් මිලියන 30ක් පමණක් බවද, එම ඩොලර් මිලියන 30 ගෙන්වා ගැනීමට නොහැකිවූයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හදන නිලධාරීන් නිසා බවද අමාත්‍යවරයා කීය. මේ සදහා අවශ්‍ය ගැසට් නිවේදනය ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා ප්‍රකාශ කළත්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදීත් තීන්දු තීරණගත් නිලධාරීන් අදත් සිටිමින් ඩොලර් මිලියන හයෙන් නතර කළ බවද මනුෂ නානායක්කාර මහතා කීවේය. ඒ සදහා ඔවුන් වගකිව යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ජනාධිපතිවරයා විසින් මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

ග්‍රාම නිලධාරී කාර්යාලයක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ආරම්භ කිරීමට මන්ත්‍රීවරුන් හත් අට දෙනෙක් එක්ව වසර පහලොවක් විස්සක් උත්සාහ කරන තත්වයක් තුළදී දින කිහිපයක් තුළදී නුවරඑළියට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීම සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර පිළිබද තමන් ආඩම්බර බවද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේය.

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරිමට සමගාමීව විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, විගමණික ශ්‍රමිකයින් ව්‍යවසායකයින් බවට පත් කිරීම සදහා සහාය ලබාදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක විය.

මේ අවස්ථාවට අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ලාල් සමරසේකර, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්. පී. කේ. නන්දන මහතා ඇතුලු මහජන නියෝජිතයෝද එක්ව සිටියහ.

: කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

5 days ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

5 days ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

5 days ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

5 days ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

1 week ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

2 weeks ago