දේශීය

ඉදිරියේදී අපගේ ජීවිත පරදුවට තබා වුවද මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කර දැමීමට අඛණ්ඩව කටයුතු කරනවා! – අමාත්‍ය ටිරාන් අලස්

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම වෙනුවෙන් ඉදිරියේදී සිය ජීවිත පරදුවට තබා වුවද අඛණ්ඩව කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කලේ යුක්තිය මෙහෙයුම අතරතුර වැලිගම ප්‍රදේශයේ සිදු වූ ගැටුමකදී අවාසනාවන්ත ලෙස මිය ගිය කොළඹ අපරාධ කොට්ඨාශයයට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක වරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වෙමින්.

ගලේවෙල පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණි අමාත්‍යවරයා රජයේ සහ අමාත්‍යංශයේ ශෝකය ඒ මහතාගේ පවුලේ ඥාතීන් වෙත පුද කර සිටියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා..

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“රට තුල වර්ධනය වන මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේ මෙහෙයුමේදී ඉතා නිර්භීතව, දක්ෂ ලෙස රාජකාරිය ඉටුකළ නිලධාරියකු අවාසනාවන්ත ලෙස අපට අහිමි වී තිබෙනවා. ඔහු තම ජීවිතය කැප කළේ තම රට වෙනුවෙන්. රටේ අනාගත පරපුරේ යහපත හා සුරක්ෂිතතාවය වෙනුවෙන්. මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව වශයෙන්ද ඔහු වෙනුවෙන් ඔහුගේ පවුල වෙත ඉටු කළ හැකි සෑම මෙහෙරක්ම ඉටු කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කර තිබෙනවා. මේ තුළින් පොලිස් දෙපාර්තමේන්තුව වෙතත් විශාල පණිවිඩයක් අප ලබා දෙනවා. ගැටලුවක් අනතුරක් සිදු වූ කිසිදු අවස්ථාවක අප ඔවුන් අත්හරින්නේ නැහැ. ආරම්භ කළ ඉලක්කය ජයග්‍රහණය කරනතුරු ඔවුන් සමග දිගින් දිගටම එක්ව කටයුතු කරනවා. උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද මහතා තම ජීවිතය පරිත්‍යාග කළා මෙන්ම, ඉදිරියේදී අපගේ ජීවිත වුවද මේ වෙනුවෙන් පරදුවට තබා මත්ද්‍රව්‍ය පාතාලය තුරන් කර දැමීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව අවධාරණය කිරීමට කැමතියි. එහිදී අප කිසිදු බලපෑමකට යටත් වන්නේ නැහැ. මේ මෙහෙයුම වෙනුවෙන් දිවි කැප කළ මෙතුමාට ලබා දිය හැකි ඉහළම ගෞරවය වන්නේ එයයි.”

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

19 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

19 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago