file
රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගනු ලැබුවද දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නොමැති බව කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සුරියවැව විහාරගල ගම්මානයේ ගොවි පවුල් සඳහා පොල්පැළ බෙදා දීමේ වැඩ සටහනකට සහභාගි වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…
වැට් බදු ඉහළයාම නිසා භාණ්ඩ මිල ඉහළ යනු ඇතැයි මේ දිනවල සමාජය තුළ විශාල කතිකාවතක් පවතිනවා. ඇතැම් භාණ්ඩවල මිල ඉහළයාමක් සිදුවිය හැකියි. නමුත් අපි රජයක් වශයෙන් මේ බදු පනවන්නේ සතුටින් නොවෙයි නමුත් මේ රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගන්නවා. දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නැහැ.
ගොවී ජනතාව නිරන්තරයෙන් මගෙන් අහනවා මෙම වැට් බදු නිසා පොහොර මිල ඉහළ යාමක් සිදුවේදැයි මහජනතාව මගෙන් නිතර විමසනවා. මම කියන්නේ මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය සියලු පොහොර මේ වනවිට රටට ආනයනය කර අවසන්. ඒවා ආනයනය කර තිබෙන්නේ පැරණි මිල ගණන් යටතේයි. ඒ සඳහා වැට් අය කිරීමක් නැහැ. ඒ නිසා මෙවර මහ කන්නයේ ඉදිරියට අලෙවි වන පොහොරවල මිල වැඩි වීමක් සිදු කළ නොහැකියි.
කවුරුහරි කූඨ අලෙවිකරුවෝ දෙතුන් දෙනෙක් වැඩි මිල ගණන් යටතේ අලෙවි කළහොත් මම කියන්නේ ඔවුන්ගෙන් බිල්පතක් ලබා ගන්න. ඒක අපිට එවන්න. අපිට පුළුවන් ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්න.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…