දේශීය

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයෙකුට කනට ගහලා. පහර කෑ සේවකයා රෝහලේ

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ දර්ශන අභයරත්න මහතා විසින් ජාතික ප්‍රවාහන ආයතනයේ නුගේගොඩ ශාඛාවේ නිලධාරියෙකුට පහර දී තිබෙනවා.

මෙම පහර කැමට ලක්ව ඇත්තේ එම ශාඛාවේ කාර්යාල කාර්ය සහයක නිලධාරියෙකුයි.

පහර කෑමට ලක්වූ සේවකයා බුදුරලිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මතුගම ප්‍රදේශයේ දී පැවති ජාතික ප්‍රවාහන ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩල සුහද හමුවක් අතරතුර මෙම පහර දීම සිදුව තිබෙනවා.

මෙලෙස පහරදී ඇත්තේ කාර්යාල කාර්ය සහායක නිලධාරියෙකු ට වන අතර ඔහු බදුරලිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

පහරදීම සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය විමර්ශන සිදු කරනවා.

file

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

16 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago