ක්‍රිෂාන්ත බාලසූරිය-ගලෙන්බිඳුණුවැව -මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා වැව් බොහොමයක් වාන්දැමීම ආරම්භ වී ඇති බවා වාර්තාවෙන අතර ගලෙන්බිඳුණුවැව වාරි ඉංජිනේරු කාර්යාලය මගින් පාලනය වන අලුත් දිවුල්වැව අක්කර අඩි 7000 ක ජල ධාරිතාවයකින් යුතු වැවක් වන අතර එහි වාන් දොරටු හතරක් අගල් තුන බැගින් විවෘත කොට ඇති බවත් වැවේ ස්වාභාවික වානෙන් අගල් 1.5 ජලධාරිතාවයක් පිටව යන බව හුරුලුවැව වාරින්ජනේරු මහතා අප කළ විමසීමකදී පැවසීය.
මේ අතර අක්කර අඩි 8400 ක ජල ධාරිතාවයකින් සමන්විත ගලෙන්බිදුණුවැව කිව්ලේකඩ මහා වාරි වැව ද ඊයේ උදැසන සිට වාන් දොරටු අටම අගල් අට බැගින් විවෘත කොට වාන් වතුර අඩක්පන් ඔයට මුදා හැර තිබේ.
එමෙන්ම හුරුලු වැව වාන් මට්ටමට පැමිණ ඇති බවත් මේ වන විට හුරුළුවැවේ ජලධාරිතාවය අක්කර අඩි 52100 පවතින බවත් මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් හබරන හා හිරිවඩුන්න වැව් වාන්දැමිම මගින් යාං ඔය හරහා හුරුලු වැවට ඉතා සීග්‍රයෙන් ජලය පැමිණෙන බැවින් හෙට හෝ අනිද්දා දින වාන් දැමීම සිදුවෙයැයි ගලෙන්බිඳුණුවැව හුරුලුවැව භාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…