රංගන ශිල්පී විනූ සිරිවර්ධන උදානි මහත්මිය අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු කිතුණු බැතිමතුන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.
ඒ සමාව ඉල්ලන ප්‍රකාශයක් සහිත විඩීයෝවක් සමාජ මාධ්‍ය ට එක්කරමින්.
පසුගිය දිනක ඉදිරිපත් කළ සජීවි වැඩසටහනක දී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ගරු නාමය තමා අතින් වැරදියට උච්චාරණය වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි වීඩියෝවේ දැක්වෙන්නේ.


