දේශීය

සුනාමියට වසර 19යි

35,000කට අධික පිරිසකට ජීවිතය අහිමි කළ සුනාමි ව්‍යවසනය සිදුව අදට (26) වසර 19ක් ගතවෙනවා.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා අදවැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනක පෙරවරුවේ උදම් රළ රට තුළට කඩාවදීම සිදුවුණා.

මෙරට සිදුවූ බිහිසුණුම ඛේදවාචකය වන සුනාමි ව්‍යවසනයෙන් අහිමි වූ ජීවිත ද ඇතුළුව තප්පර කිහිපයක දී ලොව පුරා සුනාමිය අහිමි කළ ජීවිත ගණන 225000කට අධිකයි.

උදම් වූ රළ පහර දරා ගැනීමට නොහැකිව පැරෑලිය දුම්රිය අනතුරින් 1250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර තනි දුම්රියක සිදුවු ලෝකයේ දරුණුතම අනතුර ලෙස එම අනතුර සැලකෙනවා.

සුනාමි ව්‍යවසනය සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය පෑරලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර සුනාමි ව්‍යවසනයෙන් මියගිය දහස් සංඛ්‍යාත ජනතාව සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වෙනවා.

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

17 hours ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

21 hours ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

21 hours ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

2 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago