දේශීය

සුනාමියට වසර 19යි

35,000කට අධික පිරිසකට ජීවිතය අහිමි කළ සුනාමි ව්‍යවසනය සිදුව අදට (26) වසර 19ක් ගතවෙනවා.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා අදවැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනක පෙරවරුවේ උදම් රළ රට තුළට කඩාවදීම සිදුවුණා.

මෙරට සිදුවූ බිහිසුණුම ඛේදවාචකය වන සුනාමි ව්‍යවසනයෙන් අහිමි වූ ජීවිත ද ඇතුළුව තප්පර කිහිපයක දී ලොව පුරා සුනාමිය අහිමි කළ ජීවිත ගණන 225000කට අධිකයි.

උදම් වූ රළ පහර දරා ගැනීමට නොහැකිව පැරෑලිය දුම්රිය අනතුරින් 1250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර තනි දුම්රියක සිදුවු ලෝකයේ දරුණුතම අනතුර ලෙස එම අනතුර සැලකෙනවා.

සුනාමි ව්‍යවසනය සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය පෑරලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර සුනාමි ව්‍යවසනයෙන් මියගිය දහස් සංඛ්‍යාත ජනතාව සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වෙනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago