එළඹෙන නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ වන විටත් චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බවයි ඒ මහතා පැවසුවේ.
මහජනතාව වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.